(ප්‍රසන්න පත්මසිරි, ඉන්දිකා රානායක සහ පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙක් පූජා භූමියක් ආසන්නයට මෝටර් රථයෙන් පැමිණ මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බළකාය විසින් ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගනු ලැබීය.
බදුල්ල මයිගලස්තැන්න පදිංචි බදුල්ල මහ රෝහලේ රසායනාගාරයේ සේවය කරන මෙම වෛද්‍යවරයා මෙයට පෙරත් පාසල් දරුවන් ඇතුලු තරුණයන්ට මත්පෙති විකුණා නීතියේ රැහැනට හසුවු වෛද්‍යවරයෙකි.
දීර්ඝ කාලයක් තිස්සේ පාසල් දරුවන්ට හා තරුණයන්ට මත්පෙති මුදලට අළෙවිකරන බවට ලැබුන තොරතුරක් මත පොලිසිය උපාය දුතයකු යොදවා මත් පෙති මිලට ගන්නා බව කියමින් වෛද්‍යවරයා ගෙන්වාගෙන මත් පෙති මුදලයට ගන්නා අවස්ථාවේදි අත් අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරයා ළග තිබී අත් අඩංගුවට ගත් මිලි ග්‍රැම්ස් 150ක් අඩංගු මත් පෙති 150ක් සමග වෛද්‍යවරයා අධිකරණ කටයුතු සදහා බදුල්ල පොලිසියට බාරදී තිබෙන බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පැවසීය,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ලෙ වයිද්‍යවරය පෝරකයට" අනාගත පුවතක්
සුවවිරුවා ලමයින්ට අලුත් ආතල් සුවයක් දෙන්න ගිහින්
පාරෙ යන හැමඑකාටම විරුවෝ කියන අමුතු රටක අමුතු ජාතියක් අපි. එහෙව් විරුවන්ගෙන් පිරුනු මේ රට අද ලෝකේ කොන්වී අන්ත අසරණවී ඇත. පාදඩ පාලකයන්ට රැවටුනු කන්ඩ නැති ලෝකෙට ණයවූ විරුවන්ගෙන් පිරුනු රටක්.
රසායනාගාරයෙ? වෛද්‍යවරයක්?