
(වියලුව වාර්තාකරු)
බදුල්ල රන්දෙණීගල හරහා මහනුවර ප්‍රධාන මාර්ගයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිමින් තිබූ ටිපර් රථයක් හා මෝටර් රථයක් අද (20) එම මාර්ගයේ මිණිපේ ඇළ ආසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් ලොරි රථයට, මෝටර් රථයට හා මාර්ගයේ ආරක්ෂක පැති බැම්මකටද හානි සිදුව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථයේ රියදුරට නින්ද යෑමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd