IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බදුල්ලේ මාර්ග රැසක ගමනා ගමනයට බාධා

(ප්‍රසාද් රුක්මල්)

වර්ෂාවත් සමග පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී අවහිර වු බදුල්ල - මහියංගන , වැලිමඩ - ඇටම්පිටිය , බදුල්ල - පස්සර , ලුනුගල - පස්සර, මැටිගහතැන්න - මඩොල්සිම සහ හපුතලේ -= වයි හංදිය බණ්ඩාරවෙල යන ප්‍රධාන මාර්ග තව දුරටත් නායයාමට ලක්ව ඇති හෙයින් එම මාර්ග අද (27) දහවල් සිට තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු (බදුල්ල ) එස්.එස්.හෙන්නායක මහතා පවසයි .

එම මාර්ග සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට රියැදුරන්ට දැනුම් දෙයි .

හපුතලේ වයි හංදිය බණ්ඩාරවෙල මාර්ගය වෙනුවට හපුතලේ දියතලාව හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට දැනුම් දී සිටි.

දැනට නොකඩවා බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ශාවත් සමග අද (27) අලුයම මෙම මාර්ගවලට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ගවල රථවාහන ධාවනයට බාධා සිදුව තිබු අතර, මාර්ග සංවර්ධන අධිකාරිය යුද හමුදා නිළධාරින්, පොලිසිය එක්වී එම මාර්ගවලට කඩා වැටී තිබු පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කර මාර්ග යථා තත්වයට පත්කලද නොබෝ වේලාවකින් යළි එම මාර්ග වලට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග අවහිර විය.

වර්ෂාවත් සමග තව දුරටත් මෙම මාර්ග නායයාමට ලක්වෙමින් පවතින හෙයින් මෙසේ එම මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු සිදු කළ බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු එස් .එස්. හෙන්නායක මහතා වැඩිදුරටත් සදහන් කලේය .



අදහස් (0)

බදුල්ලේ මාර්ග රැසක ගමනා ගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site