IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බදුල්ල බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්

(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ට මරු කැදවා  40කට තුවාල සිදු කරමින් වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිදු වූ බස්රථ අනතුරට සම්බන්ධ රියදුරු මේ මස 14 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා මහතා නියම කළේය.

මෙම බස්රථ අනතුරින් රියදුරු බරපතළ තුවාල ලබා දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව බදුල්ල පොලිසිය  බදුල්ල අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) බදුල්ල ශික්ෂණ රෝහලට ගොස්  සැකකාර බස්රථ  රියදුරු පරික්ෂා කර බලා එම රියදුරු බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ශාව යටතේ තවදුරටත්  රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසට ද නියෝග කළේය.

ගාල්ල දම්මල ඇල්විටිගල ජනපදයේ පදිංචි කේ.ප්‍රසාන්ත කුමාර (41)  නැමති රියදුරු මෙසේ රිමාන්ඩ්  කෙරිණි.



අදහස් (4)

බදුල්ල බස් අනතුරේ රියදුරු රිමාන්ඩ්

Nimal 1 Tuesday, 12 November 2024 12:46 PM

මේක නම් කිසිම චාරයක් හෝ විනයක් නැති කෙනෙක්. දැන් කියනවා රථයේ තිරිංග ක්‍රියා විරහිත වුණාලු...

:       0       0

sam Tuesday, 12 November 2024 01:26 PM

තරුණ ජිවිත විනාශ කළ නරුමයා..

:       0       9

Kumara Tuesday, 12 November 2024 09:48 PM

විශ්ව විද්‍යාලයේ පරිපාලනය ඉතාමත් දුර්වලයි. අපරික්ෂාකාරී පාලනයක්... රියදුරාගේ රිය පැදවීමේ බලපත්‍රය අධිකරණය මගින් අවලංගු කර තිබිය දීත් සේවයේ යෙදවීම බරපතල වරදක්...

:       0       0

Gamebas Wednesday, 13 November 2024 06:10 AM

එතකොට විශ්ව විද්‍යාලය පැත්තෙන් මොකුත්ම කරන්නෙ නැතුව ඇති .මොකද එදා එම බසය භාරව ඉහළම හමුදා නිළධාරි කෙනෙකුත් සිසුන් භාරව කෙනෙකුත් ගිහිල්ලා නිසා ඔවුන්ටත් විනයානුකූලව කටයුතු කරන්න වෙන නිසා .මට හිතන්නේ නම් බසය භාරකාර හැටියට (ඉහළම නිළධාරි කෙනෙක් ගියනිසා) යාන්ත්‍රික ඉංජිනේරු කෙනෙක් ගෙනගියා නම් ඔහොම නොවෙයි කියලා (ගමේ ගරාජයේ අත්දැකීම් තියෙන බාස් කෙනෙක් ගියාම හරියන්නේ නැහැ කියලා හිතෙනවා මොකද දැන් කාලයේ අත්දැකීම් කිසිවකු සතයකට ගණන් නොගන්නා නිසා )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site