(එෆ්.අස්ලම්)
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තරුණයෙකු අද (19) රාත්‍රීයේ කොලඹ අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇතැයි බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචිමාර්ග පවසයි.
මෙම තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් හඳුනාගත් මාර්ගෝපදේශකයා සමඟ මෙම පුද්ගලයා සමීප සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
මාර්ග උපදේශකවරයෙකු වන ප්‍රථම ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් සොයා යාමේදී මෙම තරුණයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම තරුණයා ඔහුගේ නිවසේම ස්වයං නීරෝධායනයට ලක්කර තිබූ බවත් ඒ අතරවාරයේ දී ඔහුට උණ රෝගය වැළදී ඊයේ (18) වැනිදා බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය පරීක්ෂණවලදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් අද (19) තහවුරු වී ඇති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුව මෙම රෝගියා අද (19) රාත්‍රීයේ කොළඹ ජාතික උණ රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන ඇත
මෙම රෝගියා බදුල්ලේ ප්‍රථම කොවිඩ් 19 ආසාදිත රෝගියා බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බදුල්ලේ ප්‍රථම කොරෝනා ආසාදිත රෝගියා අයි.ඩී.එච් රෝහලට