(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

කොළඹ කොටුවේ සිට අද (25) රාත්‍රී 10.00 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කලින් ආසන වෙන්කරගන්නා දුම්රිය හිටිහැටියේ අවලංගු කිරීමෙන් විදෙස් සංචාරකයන් ඇතුළු මගින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

මෙම දුම්රියේ තැපැල් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටි තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද අපහසුතාවට පත් වූ පිරිස අතර සිටින බව කී සුමේධ සෝමරත්න මහතා දුම්රිය ගමන්වාර හිටිහැටියේ අවලංගු කිරීමෙන් රට ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට පත්වන බව ද සදහන් කළේය.

දුම්රිය බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් ම අවධානය යොමු කළ යුතු බවත් සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් කීය.