(සමන් පාලිත නානායක්කාර )
ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි.
මෙම මර්ග කොටසට ස්ථාන තුනකදී පස්කඳු කඩාවැටී ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වූ අතර ගමනාගමනය සදහා එම මාර්ග කොටස භාවිතා කිරීම ඉතා අවදානම් විය.
මාර්ග සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදා රාත්‍රියේම මාර්ගය පිළිසකර කර වාහන ගමනාගමනය සඳහා විවෘත කෙළේය .
සති අන්තයේ එළඹි දිග නිවාඩු වේ දී පිට පළාත්වලින් එන වාහන අධික බැවින් මෙම මාර්ගයේ ගමන් ගැනීමේදී විමසිලිමත් වන ලෙසත් ඈත දර්ශනය නැරඹීමට ඉදිකර ඇති නැරඹුම් වේදිකාවල නැවතීමේ දී ද විමසිලිමත් වන ලෙසත් පොලිසිය මහජනයාට දැනුම් දෙයි.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල ළමා උද්‍යානය ද තාවකාලිකව අද දින වසා ඇති බව බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් වරයා නිවේදනය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල -කොළඹ පාර විවෘත කරයි