(එෆ්.අස්ලම්)
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත බාරදී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වන ස්ථාවරය දෙමළ ජාතික සන්ධානයේ නිල ස්ථාවරය නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව සුදුසු වේලාවේදී තීරණය ගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ අදහස සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයා වෙත බාර දී තිබෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුළත් කිරීමට යුතුව තිබෙනවා.මෙ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් අරන් නැහැ.අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා සුදුසු අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරල තීරණයක් ගන්න ඕන.හදිසි වෙලා මේ ගැන කතා කරන්න මම කැමති නැහැ.
ඇමති රිෂ්ඩ් බදියුදීන් මට දුරකතනයෙන් කතා කළා.ඔහුට දුන්නෙත් මේ උත්තරේම තමයි.මෙනිසා දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වන අදහස් දෙමළ ජාතික සන්ධානයේ නිල ස්ථාවරය නොවන බව ප්‍රකාශ කරන්න කැමතියි",යැයිද සම්බන්දන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට එයා එහෙනම් කතා කලාද.
එයාල හැමදාම ඉන්නේ දෙලොවක් අතර. එත් අන්තිම මොහොතේදී ආණ්ඩුව රකිනවා
"ඇමති රිෂ්ඩ් බදියුදීන් මට දුරකතනයෙන් කතා කළා.ඔහුට දුන්නෙත් මේ උත්තරේම තමයි.", මේක තමයි හොඳම ටික. ලැජ්ජාවක් නැතිව තවමත් බලපෑම් කරනවා බලය රැක ගන්න. දුරකතනයෙන් කතා කරල ඡන්ද ටිකට සල්ලිත් දෙන්නම් කිව්වද කියල සාධාරන සැකයක් අපිට එනවා.
දෙමළ ජාතික සන්ධානය දෙලොවක් අතර කියනවාට වඩා දෙමළ ජාතික සන්ධානය වලපයයි, ගොඩපයයි කීවොත් වඩා හොඳයි නේද?