
(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)
පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම විසින් ඔක්තෝබර් මස 9 වැනිදා දාතම යටතේ ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමුකරනු ලැබ තිබේ. ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අරලිය ගහ මන්දිරයේදී අදාළ ලිපිය අද (9) බාරදී ඇත.
ඉකුත් වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා මේ වසරේ අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පිරිසට අනුබල දී ඇති බවට සාක්ෂි ලැබී තිබියදීත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර ඇතැයි ද අදාළ ලිපියේ දැක්වේ.
රියාජ් බද්යුදීන් මහතා නිදහස් කර ඇත්තේ කිසිදු නීතිමය අවසරයකින් තොරව යැයි ද අදාළ ලිපියේ සඳහන් වේ.
එබැවින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
COMMENTS
හිතේ හයිය තියෙන 100ක් හිටිය එකත් ලොකු දෙයක්..
මේ වෙන දේවල් දකිනකොට හිනාවෙනවා නෙමෙයි හිනායනවා.
100ක් විරුද්ධ වුණාට රියාජ් බදියුදීන් මැතිතුමාව නිදහස් කිරීම ගැන 69 ලක්ෂයක් ජනතාව සම්පූර්ණයෙන් අනුමත කරනවා.
තවත් ජවනිකාවක්... අනේ විහිළු ඇති මෙයා...
මන්ත්‍රීවරුන් විතරක් නෙමෙයි ඡන්දෙ දීලා ආණ්ඩුව පත්කරන්න මූලික වෙච්චි අපිත් විරුද්ධයි... කැත විදිහට හැංගි හොරා ගහපු මේ ගේමට... උසාවියකට දාන්නේ නැතුව කොහොමද නිදහස් කරා කියන්නේ...?
මේ මොන බොරුවක්ද? මේ කඩේ යන්නේ 69 ලක්ෂය වෙනුවෙන්ද? තමුන් වෙනුවෙන්ද? නැහැ.. තනිකරම තමන්ගේ පැවැත්ම වෙනුවෙනි. 69 ලක්ෂය වෙනුවෙන් නම් විරුද්ධ වෙන්න තිබුණේනිදහස් කළ දිනමයි. මේ පරක්කු වෙලා විරුද්ධ වෙන්නේ කොරෝනා ඇතුළු ප්‍රශ්න ටික යටගහගන්නයි. නැතිව පාස්කු ප්‍රහාරය ගැනවත්, මැරිච්ච අය ගැනවත් වෙනුවෙන් නෙමෙයි. හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් තියෙනවද? මේක මේ නාඩගමේම තවත් එකකි.
මිනිහා මෙලහකට රටිනුත් පිටවෙලා ගිහින් ඇති..!!!
සතුට නම් 'සර්' විසින්ම මේ අමන රැළගේ රෙදි ගලවා දැමීමයි. ආපහු මිනිස්සු ඉස්සරහට යන්න නම් ඔවුන් කළ බොරුව දිගටම කරගෙන යාමට බදියුර්දීන්ලා හිරගෙවල්වල දැමිය යුතුයි.
ඒ කියන්නේ දැන් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ 2/3 තියනවා. ජයවේවා..!!!
ඔය සංදර්ශන 69 ලක්ෂය විතරක් පෙන්වන්න. නිකන් බොරුවට නිදහස් කරන්න කළින් ජනාධිපතිගෙන් අහලා තමයි නිදහස් කරන්නේ නිකන් අසරණ පොලිස් නිලධාරීන් මාරු කරනවා.. බබාලා වගේ... අපි හරක්නේ..
හරියට හරි... හම්බ විරෝධය නැගී ගෙන එනවා.
මෙය ඉතාමත්ම හොඳ යහපත් පියවරක්... සමාජයේ ප්‍රගමනය උදෙසා මෙවැනි පියවර ගැනීම අගයකළ යුතුයි. එසේම මොහු නිදහස් කිරීමට නියෝගය නිකුත් කළ නිලධාරියා හෝ දේශපාලකයාව මේ දක්වා සමාජයට හෙලිනොකර සිටීමද පුදුම සහගතයි. මේ රටේ මහලොකුවට තිබෙන මාධ්‍ය ජාලයට හෙන ගැහිලාද? මේක හෙලි නොකරන්නේ... මේ ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න මාධ්‍ය ආයතන සම්බන්ධද?
අපිත් විරුද්ධයි...
මට නම් පේන්නේ මේක බල අරගලයේම කොටසක්..
රිෂාඩ් විතරක් නොවේ. පාස්කු ප්‍රහාරයට විපක්ෂයේත් ගොඩක් මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයත් අත්අඩංගුවට ගත යුතුයි.
දේශපාලන ඩීල් නිසා තුට්ටු දෙකේ කාලකණ්ණි දේශපාලන අරමුණු වෙනුවෙන් මේ සියල්ල කරන්නේ රජයේ ඉහළම අනුදැනුම ඇතිවයි. එහෙම කරලා උන්ගේම මන්ත්‍රීලා ලවා විරෝධය දක්වන්නේ ජනතාව අන්දවන්න. ඔය කියන එක මන්ත්‍රීවරයෙකුට කොන්දක් තිබ්බද මැදමූලන හොරාකෑම්වලට.., පරපුරක් එකතුවෙලා හොරකම්, වංචාවලට විරුද්ධව එක කටක් අරින්න.
මේවා තනිකරම සංදර්ශන... මිනිස්සු ගොනාට අන්දන්න කරන දේවල්.. මොකද 100ක්... 224ටම පුළුවන්නේ විරෝධය පෙන්නන්න..
බොරු ෂෝ කියන්නේ මේවාට තමයි. ඔන්න දැකලා නැතිනම් බලාගන්න.
බහුතරයක් ජීවත් වෙන රටක මේ වගේ විගඩම් නරඹා රසවිඳිනවා විනා, වෙන ඉතින් මොනවා කරන්නද? මොඩයින්ගේ චූන් එක වැඩි වෙලා මේ පොල් ගණන් කාලේ කිරිබතුත් උයලා දන්සල් දෙයිද කියලයි මට තියන බය..
මෙ තවත් ප්‍රෝඩාවකි. සීයක් අත්සන් කරලත් ජනාධිපති එයට එකඟ වුනේ නැහැයි කියලා පෙන්වලා කියන්න හදන්නේ ජනපති නීතියට ඇඟිලි නොගහන බව පෙන්වන්න.
හැමදාම ඡන්දෙ දීලා වෙනසක් බලාපොරොත්තු වුණාට වෙනස දකින්න නැති එක කණගාටුවක්..
ලිපියට ප්‍රතිචාර කෙහොමද ලැබෙයිද? 20 සම්මත උනොත් ලිපියක් නෙවෙයි කිට්ටුවටවත් ගියොත් පුදුමයි
රට චීන කොලනියක් කරලා තමයි මේ අය නවතින්නේ.
ඔය නාටක හොඳයි 69 ලක්ෂෙ අයට.