(අංජුල මහීක වීරරත්න)
පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (23) ඉල්ලීමක් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේ අදාළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමත් සමඟය.
කර්මාන්ත හා වාණිජ කටයුතු, සදාකාලික අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ, සමූපකාර හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග 2 ක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුළ දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමේ සඳහන්ය.
රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්රදාය බැවින් තේරීම් කාරක සභා වාර්තාව ඉක්මණින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මෙච්චර විනාශයක් වෙනකල් මහජනයා කියපු හැමදෙයක් ම ප්‍රතික්ෂේප කළා... ඒ විතරක් නෙවෙයි.. අසල රටකින් ලැබුණු බුද්ධි තොරතුරුත් කමකට ගත්තේ නැහැ. දැන් මේ හෝරාව බේරන්න හදනවා. එක පාරක් මහබැංකු හෝරාව නිදහස් කරපු එක අපට අමතක නැහැ.
කමිටුවක් පත් කිරීම... කෝකටත් තෛලය සහ ප්රශ්නය යට ගැහීමේ කූඨ උපක්‍රමය. තව කොයි කාලයක් මෙසේ ජාතිය රවටාවිද?
ඔබතුමා ලෝකප්‍රසිද්ධ මහා බැංකු මගඩිය ගැනත් ඔයවගේ වාර්තාවක් අරගෙන නෝ ප්‍රොබ්ලම් කියලා හිටියා නේද? බරපතල පාපකර්ම කියලයි මම නම් හිතන්නේ...
ඔය වාර්තාවෙන් එයා ඉහළින්ම නිදහස්.. අන්තිමට අපි තමයි ත්රස්තවාදීන්ට උදව් කරලා තියෙන්නේ...
අපේ නෑයෝවන ගෙදරක අයියා කෙනෙක් ඉන්නවා. ගෙදර කට්ටිය ඒ අයිය කැමති නැති දිහාවකට යන්න ලෑස්ති වෙනකොට කිසිම හදිස්සියක් හෝ වැදගත්කමක් නැතිදෙයක් ඕනෑ කියලා ගමන පුළුවන් තරම් පරක්කු කරනවා හෝ ගමන නොගිහින් ඉන්න වෙන විදියට වැඩ සිද්ද කරනවා. මට මතක් වෙන්නේ එහෙම කතාවක්...
කමිටුවක් පත් කරන්නේ ඊට පස්සෙද?
මහ බැංකුවට පත් කරපු කමිටුව වගේ එකක් ද?