(හසිත රංග ගුණතිලක)
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුග්‍රහය සහ අනුබලය දුන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරන සියලුම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික සංඝ සම්මේලනය අද (22) භාර දුන්නේය.
භික්ෂූන් වහන්සේලා පිරිස අද කොළඹ නිදහස් චතුරස්රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකද නිරත වූහ.
සත්‍යක්‍රියාවෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සඳහා නිදහස් චතුරස්රයේ සිට වාහන කිහිපයකින් කොළඹ ගාලුමුවදොර පිටිය අසළට වැඩම කළහ.
පසුව භික්ෂූන් වහන්සේලා පිරිස කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් වැඩම කළහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ සමා වුව මැනවි.... අහනවට ඔය කියන අය මොකුත් වැරද්දක් කරලා තියනවද? ආණ්ඩුවෙන් නම් කියන්නේ එහෙම වැරද්දක් කරලා නැහැ කියලනේ.
බල ලෝභීකමට රට පවා නොදෙන නායකයෝ තෝරාගනිමු ඉදිරියේදී....
එය නිවැරැදි තීරණයක් විය හැකියි. නමුත් නිවැරැදි විමර්ශණයකින් පසුව සිදුවිය යුතුය.
ඉතාම කාලෝචිතයි හාමුදුරුවනේ... මොකද මේ දේශපාලුවන්ට නොතේරුණාට බදියුදීන් - හිස්බුල්ලා - සාලි තුන්දෙනාම මුස්ලිම් අන්තවාදී සංවිධානවලට කෙලින්ම සම්බන්ධ බවට සහ මේ තිදෙනා සමග බෝම්බකරුවන් පෙනීසිටින ඡායාරුප තොගගණන් අපි ඊයේ පෙරේදා ඕනෑතරම් දැක්කා. හරිනම් මේ තිදෙනාම සිරගත කළ යුතුමයි. මොකද 300 ගාණක් අහිංසක මිනිස්සු මැරිලා තව 300කට වැඩිය දරුණු තුවාල වෙලා.. මෙහෙමත් රටක්...
ස්වාමීන් වහන්සේලා රට, ජාතිය, ආගම වෙනුවෙන් හඬක් නැගුවත් වැරදී නැතත් වැරදී අපේ මිනිස්සුන්ට.... ත්‍රස්තවාදීන්ව පෝෂණය කරන අන්තවාදීන්ට එරෙහිව අවිහිංසාවාදීව කරන සටනට මගේ නමස්කාරය..!
බලමුකො ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා
හිස්බුල්ලා සහ සාලි ඉවත් කරන්න පුලුවන්. ඒවා ජනාධිපති කරන ලද පත්වීම්. බදියුර්දීන් ඉවත් කරන්න ජනාධිපතිවරයාට බැහැ. හාමුදුරුවනේ, රටේ නීතියක් කියලා එකක් තියනවා...
5 පාරක් ගහන්න යනවා කියලත් උඩබලන් ඉඳල රට පැනපු හාදයට මොකද කරන්නේ හාංදුරුවනේ ???