
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (13) නියෝග කර තිබේ.
අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස නීතිපති නියෝග කර ඇත.
මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස නියෝග කර තිබේ.
COMMENTS
තවත් නාඩගමක ආරම්භය....!!!
නිදොස්කොට නිදහස්...
සර්ට මගේ ගෞරවය... කොරෝනා ඉවරයි... මේ රිෂාඩ් සතියයි.
ආ ඒකටද? මම හිතුවේ වෙන එකක්.. මීට වසර 5කට කලිනුත් මේ වගේම ඒවට වෙන සෙට් එකක් ගත්තා. මේකෙන් ගොඩයාම සුළු දෙයක්, නුඹලා අතරින් පව් නොකළ අයෙක් පළමු ගල ගසාපල්ලා යැයි ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළසේක...
බයියන්ට හප හපා ඉන්න දීපු බයිට් එකක්.
ටික දවසකින් මෙයත් මල්ලිගේ අඩිපාරේම චෝදනා ඔප්පු කරන්න බැහැ කියලා එළියට එයි.
කන්දක් මී පැටියෙක් වැදුවා වගේ කියන්නේ මේකට තමයි.
වැරැදි කරලා තිබ්බොත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒක බදියුදීන්ද, රාජපක්ෂද අදාළ නෑ..
කෝවිඩ් අස්සේ අන්තවාදීන්ට උදව් කරපු මෙයාගේ මල්ලිව නිදොස් කළා. දැන් මෙයාවත් අරන් සියලු දේවල්වලින් නිදොස් කරමු. මොකද 20 සහයෝගය දීලනේ තියෙන්නේ. ඊටපස්සේ හෙමින් සැරේ ඇමැතිකමක් එහෙම දීලා ගමු. පව්නේ ෂොපින් උරේ අරන් කොළඹ ආව මනුස්සයානේ.. අපේ රටේ දේශපාලකයෝ ගැන දැනෙන පිළිකුල් භාවය කියලා වැඩක් නැහැ.
අන්න දැන්මම බන්ධනාගාර රෝහලේ දොස්තර වෙදා ඔබතුමාගේ දුර්වල සෞඛ්‍ය තත්වය පිළිබඳ සහතිකය සහ බන්ධනාගාර රෝහල් ඇඳ ලැස්ති කරලා ඇති... විකට ටෙලිනාට්‍ය වලට රුචියක් දක්වන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව ඒ විගඩම් නාට්‍යය නරඹා රසවිඳ හුරේ දැමීමටත් පුලපුලා බලා සිටිනවා. යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතුව, අධ්‍යක්ෂකට අවශ්‍ය ලෙස ඔබගේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි..!!
මුදල් විශුද්ධිකරණය.. මැතිවරණ නීති උල්ලංඝනය... අපි හිතුවේ පාස්කු කියලා..
ඕවා ඔක්කොම දර්ශන... කොහොමහරි කාලය ගතකරමින්, ජනතාවගේ සුදුසල්ලිවලින් හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවා.
ප්‍රවාහන ඇමැතිතුමාද නඩුදාලා තියෙන්නේ? හිඟමුදල් අයකරගන්න, තවත් 2015 කට්ටියත් ඉන්නවා ලංගමයට පොලු තියලා එයාලාවත් අත්අඩංගුවට ගන්න.
දප්පුල ඔය විදිහටම ඇවන් ගාර්ඩ්... සොහොන් නඩුවලටත් තප්පුලනවා නම් අද මේ කිසි කරදරයක් නෑ.
අනේ අපි හිතුවේ පාස්කු ප්‍රහාරයේදී කතෝලික බැතිමතුන් ඝාතනයට වරදකරුවෙක් වශයෙන් අත්අඩංගුවට ගන්නවා කියලා. බැලින්නම් ඡන්ද වැඩට බස් දැම්මට... අයියෝ මෙහෙමත් ලෝකයක්... එතකොට 2015 ඡන්ද කළ අයගේ ප්‍රශ්නය යටද? සිල්රෙදි, නඩු බෙදිලි... ඒවා හොඳයි. කාදිනල්තුමෝ දැන් මොකද කියන්නේ? බලාගෙන ඉන්න.
මේ අයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න..
ඔන්න බලන්න බදියුර්දීන් 20 සම්මත කරගන්න ආණ්ඩුවට උදව් කරනවා රිමාන්ඩ් එකේ ඉඳලා.. ඊට පස්සේ එළියේ තමයි. කොහොමද අපේ සර්ගේ වැඩ..? 69 ලක්ෂයේ ප්‍රණාමය.
පරිණතභාවය වඩා අපරිණතභාවය හානිකරයි.
ඒ මොකද මේ හදිස්සියේ.? 20 ඡන්දේ දෙන්න බෑ කිව්වද.?
නීතිපති කියනවා අධිකරණයෙන් වරෙන්තුවක් අරන් අත්අඩංගුවට ගන්න කියලා. අධිකරණය කියනවාවරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න කියලා. ඔය කොයි විදිහකටවත් මෙයාව අත්අඩංගුවට ගන්නේ නැහැමයි.
පල්හොරු පරපුරක් එකතුවෙලා රටේ සම්පත්, ධනය මංකොල්ල කාලා මහා ධනවතුන් වුණා. රටේ දේපළ ඔවුන්ගේ වගේම පාවිච්චි කළත් නීතිය ඔවුන්ට එරෙහි වුණේ නැහැ. අද තමන්ගේ ඇස්වල පොල් පරාල නොවෙයි... පොල්ගස්පිටින් ඉද්දි අනුන්ගේ ඇස්වල පොල්කෙඳි හොයනවා.
නියෝගය දැක්කාම පුදුම සතුටක් තියෙන්නේ.