(අංජුල මහික වීරරත්න)
ඉදිරි මැතිවරණයක දී රට "කැහි ගෑනි"ගෙන් ගෙන "හොටු ගෑනි" ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ආණ්ඩුවේ ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය අවසන් වන්නේ තීන්ත සහ කොළ අවසන් වූ දාට බව කී රංගෙ බණ්ඩාර මහතා තව වැඩි දවසක් යන්නට පෙර ජනතාවට ආහාර නැතිව මුදල් කොළ ආහාරයට ගන්නට සිදුවනු ඇතැයි ද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී රංගෙ බණ්ඩාර මහතා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පිටරටකින් ආනයනය කරන්න වෙයි නායකයො .
දැන් ඉන්න එක්කෙනා බුද්ධිමත් නැත්ද ? අපිට නං හිතෙන්නේ බුද්ධිය උතුරනවා කියලයි .
ඒකටනම් ඔයා හරියටම ඇත්ත කියලා තියනවා .දෙවතාවක් රට්ටු කැහි ගෑනියි හොටු ගෑනියි ගත්ත එක හින්දා අපිට ඒ දෙන්නම ආයේ එපා හොඳේ
ඔය කියන්නේ එක්සත් ජාතික පක්ෂේ වල පල්ලට ඇදලා දාපු රනිල් ගැනද ?
කවුරු ගැනද දන්නේ නැහැ ඔය කියන්නේ? බුද්දිය විතරක් තිබුනම ඇද්ද ? නායකකම බදාගෙන බල තන්හාවෙන් ඉන්න අය තවත් කෙනෙකුට එන්ඩ දෙයිද?
මෙයා මේ වහෙන ඔරෝ කියන්නෙ.....හි..හි..
ඇයි දැන් ඉන්න එක්කෙනා මන්ද බුද්දිකද ?
රංගය හිතන්නේ බුද්ධිමතුන් ලෙස කව්රුන්ද...... ඇම්ඩන් අයිය බුද්ධිමතෙක් කියලද හිතන්නේ....... නපුන්ෂකයන් බුද්ධිමතුන් වන්නේ කෙසේද........ ඒ බව නොදත් අපේ රංගය අමු ගොනානේ.....
ප්‍රශ්ණයකට තියන්නේ බුද්ධිමත් නායකයෙක් සොයා ගැනීමේ අපහසුවයි. දැනට සිටින නායකයින් කරපු දේවල් බලනවිට ඔවුන්ගෙන් වැඩක්ම නෑ.
ඒක ඇත්ත ඒ වුනාට රට ගොඩගන්න හැකියාවක් නැති නිසයි ජනතාව රනිල් ප්‍රතික්ෂේප කලේ .තව දවල් හීන දකිනවා වගේ
හැමෝම හොයන ජාතියේ බුද්ධිමත් නායකයෙක් ඉන්නවා නාගානන්ද කොඩිතුවක්කු කියලා
කවුද බුද්ධිමතා...? බැංකු හොරකම් කරපු අයද? නැතිනම් පුතාණෝද?
දැල් කාරයෙකුට දෙන්න...
2005-2015 තෙක් රට බේරාගෙන සංවර්ධනය කළේ අඟහරු ලෝකෙන් නායකයින් අැවිල්ලද? කොරෝනා වසංගතයෙන් ගැලවෙනකම් ටිකක් ඉවසන්න. මොකද මේ නායකයින් පුරුදුවෙන්න රට පාලනය කරන අය නොවෙයි. එජාප නායකයා එයාගේ හැකියාව උපරිමයට පෙන්නලා ගියා. ඊළඟට එන්න හදන්නේ පුරුදුවෙන්න රට පාලනය කරන්න හදන අය... අහලා තිබෙනවනේ දන්නා යකා නොදන්නා සුරදූතියට වඩා හොඳයි කියලා...
මෝඩ ඡන්ද දායකයින් ඉන්නකම් මෝඩ නායකයින් බිහිවෙන එක නතර කරන්න බෑ...
බයවෙන්න එපා මහත්තයෝ, තමුන්නාන්සේලා තුන්කට්ටුවට ආයිත් රටේ බලය දෙන්න තරම් රටේ ජනතාව ගොන්නු නෙමෙයි. ඒ ගොනා 2019දී විකුණුවා. ඉස්සර වගේ කසිප්පු කාරයින්ටයි, කුඩුකාරයින්ටයි ආයේ බලය දුන්නු කාලය ඉවරයි....
මේ අතුල.. ෆයිරූස්ලා වගේ අය මැව්වේ ඇයිද දෙවියනේ? කට ඇරියොත් පුතාණෝ වගේම තමයි..
ඔයාටම තමයි අරන් කරන්න වෙන්නේ .නැතුව අයෙත් නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ හොරෙකුට රට බාර දෙන්න අපි හරක්ද ?