(ඩයනා උදයංගනී)
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
එහි නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.
සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේවාසිකාගාර මෙන්ම සියලු පාපී බ්ක්ෂු වේශධාරීන්ද සුද්ධ කළ යුතුයි .භාගයවතුන් වහන්සේ ට නිගාදෙමින් සසුන කෙළෙසන නරුමයින් උපැවදි කර සසුන බේරා ගැනීම කළ යුතුය
මේක වහලාම දාන්න...
ඕක සදාකාලිකවම වහලා දාන්න. ඕකේ වෙන දේවල් ඇහුවාම ලේ කෝපවෙනවා...
ජාතික විශ්වවිද්‍යාලවලට යන්නට තරම් සුදුසුකම් නැති අඩු ලකුණුලාභී ශිෂ්‍යයින්ට අවස්ථාවක්දීම මෙහි අරමුණ බව අසා ඇත. තමන්ට ලැබුණු එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන අනර්ථකාරී ලෙස හැසිරෙන මෙවැනි විශ්විද්‍යාලවල ශිෂ්‍යයින්ගෙන් රටට ජාතියට වෙන දෙයක් නොමැත.
බෞද්ධ හා පාලි සරසවිය 21 වැනි ශතවර්ෂයේ හැටියට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ..! පාලි ඉගෙනගෙන මොනවා කරන්නද? මේකේ අනාගතය කුමක්ද?
මෙරට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට නම් 1. උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ආරක්ෂා වීම, 2.බෞද්ධ සිංහල රාජ්‍ය බලය ආරක්ෂා වීම, 3. බෞද්ධ සිංහල කුල පදනම ආරක්ෂා වීම, යන කරුණු ත්‍රිත්වය අනීවාර්යය. මෙරට බුදු සසුන පිහිටීම, පැවැත්වීම, රැකීම සිදුවූයේ සිංහලයින් වෙතින් වීම නොරහසකි. අද දක්වා සසුන පවත්වා ඇත්තේ සිංහල බෞද්ධ කුලය විසිනි. භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා මහණකම ආරක්ෂා නොවුණු හොත් සියල්ල අවසානයි. එක උපසපන් භික්ෂූවක් සසුනට නැති වීම මහත් අලාභයකි. "විනයො නාම බුද්ධශාසනස්ස ආයු, විනයේ, ඨිතෙ ශාසනං ඨිතං හොති; තස්මා පඨමං විනයං සඞ්ගායාමා’’ති යනුවෙන් සමන්තපාසාදිකා විනය අටුවාවේ දක්වා ඇත. විනය නම් සම්බුද්ධ ශාසනයාගේ අයුෂයයි. විනය පිහිටීම ශාසනය පිහිටුවා වෙයි. එහෙයින් විනය සංගායනා කරමු යයි" යනුවෙන් සංගීති කාරක මහරහතන් වහන්සේලා විසින් වදාළහ. භික්ෂූන් විසින් උපසම්පදා ශීලය විනාශ කර ගෙන කරන ශාසන සටනක් නැත. එයට අනුබල දෙන ගිහියා කරන්නේ සසුන් ප්‍රතිපදාවට හතුරු කමකි. රටේ පාලනය ගිහියන් සතු ය. අනුශාසනාව සිල්වත් උතුමන් සතු ය. මෙය වරදවා ගත් ගිහිපැවිදි දෙපක්ෂයම අවිනයට උදව් දී මහත් අකුසල් කරගෙන අපාගත වීමට ඉඩඇත..
ඕක වහලා දාලා ඔය කට්ටියට පරණ විදියට පිරිවෙන් වලින් ඉගෙනගන්න කියන්න. රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නඑපා. ඔය බිල්ඩින් මහලු අය සඳහා නිවාසයක් කරන්න...