(ඩයනා උදයංගනී)
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින කිහිපයක් තාවකාලිකව වසා තබන බව එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
එහි නේවාසිකාගාරවල සිටින සිසුන් අද (16) සවස 4න් පසු නේවාසිකාගාරවලින් පිටවී යා යුතු අතර, නේවාසිකාගාර යතුරු නේවාසිකාගාර උපපාලකවරුන්ට භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.
සඳුදා සවස 4.00 න් පසු නේවාසිකාගාරවලින් සියලු සිසුන් ඉවත්විය යුතු බවත්, අනවසරයෙන් රැඳී සිටියහොත් නීති රීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ කීහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බෞද්ධ හා පාලි සරසවිය තාවකාලිකව වසාදැමෙයි
කිරිපුතා Friday, 16 December 2022 04:38 PM
නේවාසිකාගාර මෙන්ම සියලු පාපී බ්ක්ෂු වේශධාරීන්ද සුද්ධ කළ යුතුයි .භාගයවතුන් වහන්සේ ට නිගාදෙමින් සසුන කෙළෙසන නරුමයින් උපැවදි කර සසුන බේරා ගැනීම කළ යුතුය
ඇබිත්තයාFriday, 16 December 2022 05:40 PM
එය නම් අනිවාර්යයෙන් කළයුතුයි. ඒ වගේම උන්දැලාට තම තමාගේ ගම්වලට පැමිණීමත් තහනම් කරන්න ඕනෑ. එංගලන්තයේ අසල්වැසියගේ ගසක් කැපූ මිනිහෙකුට වසර 15ක් ගමට පැමිණීමත් උසාවියෙන් තහනම් කරලා තියෙනවා. ඉතින් මෙහෙම ඒවාටත් එයටත් එහා දඬුවමක් දියයුතුයි..
Lal Friday, 16 December 2022 05:52 PM
මේක වහලාම දාන්න...
යෝගා Friday, 16 December 2022 06:04 PM
ඕක සදාකාලිකවම වහලා දාන්න. ඕකේ වෙන දේවල් ඇහුවාම ලේ කෝපවෙනවා...
Sharn Saturday, 17 December 2022 03:02 AM
ජාතික විශ්වවිද්‍යාලවලට යන්නට තරම් සුදුසුකම් නැති අඩු ලකුණුලාභී ශිෂ්‍යයින්ට අවස්ථාවක්දීම මෙහි අරමුණ බව අසා ඇත. තමන්ට ලැබුණු එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන අනර්ථකාරී ලෙස හැසිරෙන මෙවැනි විශ්විද්‍යාලවල ශිෂ්‍යයින්ගෙන් රටට ජාතියට වෙන දෙයක් නොමැත.
asela09 Saturday, 17 December 2022 09:58 AM
බෞද්ධ හා පාලි සරසවිය 21 වැනි ශතවර්ෂයේ හැටියට අත්‍යාවශ්‍ය දෙයක් නොවේ..! පාලි ඉගෙනගෙන මොනවා කරන්නද? මේකේ අනාගතය කුමක්ද?
Ariyatholaka Saturday, 17 December 2022 02:24 PM
මෙරට බුදු සසුන ආරක්ෂා කර ගැනීමට නම් 1. උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව ආරක්ෂා වීම, 2.බෞද්ධ සිංහල රාජ්‍ය බලය ආරක්ෂා වීම, 3. බෞද්ධ සිංහල කුල පදනම ආරක්ෂා වීම, යන කරුණු ත්‍රිත්වය අනීවාර්යය. මෙරට බුදු සසුන පිහිටීම, පැවැත්වීම, රැකීම සිදුවූයේ සිංහලයින් වෙතින් වීම නොරහසකි. අද දක්වා සසුන පවත්වා ඇත්තේ සිංහල බෞද්ධ කුලය විසිනි. භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා මහණකම ආරක්ෂා නොවුණු හොත් සියල්ල අවසානයි. එක උපසපන් භික්ෂූවක් සසුනට නැති වීම මහත් අලාභයකි. "විනයො නාම බුද්ධශාසනස්ස ආයු, විනයේ, ඨිතෙ ශාසනං ඨිතං හොති; තස්මා පඨමං විනයං සඞ්ගායාමා’’ති යනුවෙන් සමන්තපාසාදිකා විනය අටුවාවේ දක්වා ඇත. විනය නම් සම්බුද්ධ ශාසනයාගේ අයුෂයයි. විනය පිහිටීම ශාසනය පිහිටුවා වෙයි. එහෙයින් විනය සංගායනා කරමු යයි" යනුවෙන් සංගීති කාරක මහරහතන් වහන්සේලා විසින් වදාළහ. භික්ෂූන් විසින් උපසම්පදා ශීලය විනාශ කර ගෙන කරන ශාසන සටනක් නැත. එයට අනුබල දෙන ගිහියා කරන්නේ සසුන් ප්‍රතිපදාවට හතුරු කමකි. රටේ පාලනය ගිහියන් සතු ය. අනුශාසනාව සිල්වත් උතුමන් සතු ය. මෙය වරදවා ගත් ගිහිපැවිදි දෙපක්ෂයම අවිනයට උදව් දී මහත් අකුසල් කරගෙන අපාගත වීමට ඉඩඇත..
මෝ Saturday, 17 December 2022 05:33 PM
ඕක වහලා දාලා ඔය කට්ටියට පරණ විදියට පිරිවෙන් වලින් ඉගෙනගන්න කියන්න. රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන්නඑපා. ඔය බිල්ඩින් මහලු අය සඳහා නිවාසයක් කරන්න...