(බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ගිහි සහ භික්ෂු සිසුන්ට අමානුෂික ලෙස නවක වදය දීම ඇතුළු චෝදනා හතරක් යටතේ හෝමාගම පොලිඅත් අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තලාවේ ධම්මික හිමියන් මෙම මස 27 වන දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කලාය .

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පලමු වසරේ සිසුන් ගෙන් සහ පාලනාධිකාරියෙන් ලද පැමිිණිලි මත සිදු කල විමර්ශනයකින් පසු එම හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

විශ්ව විද්‍යාල නවක සිසුන්ට අමානුෂික ලෙස නවක වදය ලබා දීම, අයුතු සිර කර තැබීම, අයුතු අවහිරය සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ එම නඩුව ගොනුකර තිබුණි