(ඩයනා උදයංගනී)
හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.
මෙහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්‍ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැදුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියෙකු බව ද සඳහන් කළහ.
එහි නේවාසිකාගාරවලට නේවාසිකාගාර පාලකවරුන් තිදෙනාට මෙන්ම කිසිවකුට ඇතුළුවීමට ශිෂ්‍යයින් ඉඩනොදෙන බව කී උන්වහන්සේ එහි සිදුවන දේ ගැන තොරතුරක් හෝ ලබාගත නොහැකි තත්වයක් පවතින බව ද කීහ.
උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පවා රැවුල් කොණ්ඩා වවාගෙන නේවාසිකාගාරවල රැඳී සිටින බවත්, ඇතැම් ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල නිවාඩු කාලවලදීත් නේවාසිකාගාරවලින් පිටව නොයන බවත් කී නෙළුවේ සුමනවංශ හිමියෝ උන්වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීම් කළත් ඒවා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළහ.
එමෙන්ම නේවාසිකාගාර සිසුන් රාත්‍රී 12.00 පමණ වන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන්ගෙන් පවා තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එය නවත්වන්නැයි දැනුම් දුන් විට විශ්ව විද්‍යාල සංස්කෘතිය අනුව තමන්ට එසේ කළ හැකි බව පවසන බවත් උන්වහන්සේ පැවසූහ.
වල්පොල ශ්‍රී රාහුල හිමියන් වෙනම පනතක් මගින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් වුවත් මේ වන විට එහි එවන් වටපිටාවක් නැතැයි ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.
තමන් මෙහි සිටින ශිෂ්‍යයන්ට බුද්ධ වන්දනාවට සහභාගී වන්නැයි දන්වා දැන්වීමක් යොමු කළ විට කුපිත වූ ශිෂ්‍යයන් පොලු මුගුරු රැගෙන පැමිණ නේවාසිකාගාර පාලක හිමියන්ගේ කාර්යාලය වටලා ‘බුදුන් වඳින්න ආවොත් බාවනවා’ යැයි පවසා තිබෙන බවත්, ඔවුන්ගෙන් එවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බවත් උන්වහන්සේ කීහ. එමෙන්ම එහි ඇති බෝධි අංකුරයක් ඉවත්කරන ලෙස ද ශිෂ්‍ය සංගමය තමන්ට දැනුම් දී ඇතැයි සුමනවංශ හිමියෝ සඳහන් කළහ.
එමෙන්ම මෙහි නවක වදය පවතින බවට නැගෙන චෝදනා ද සත්‍ය බව කී මහෝපාධ්‍ය හිමියෝ තමන්ට ද සිසුන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පැවසූහ.
මෙම වසරේ දී විශ්ව විද්‍යාලයට බඳවාගත් සිසුන්ගෙන් 17 දෙනෙක් නේවාසිකාගාරවලින් ඉවත්ව වෙනත් ආරක්‍ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් 40 දෙනා ද නේවාසිකාගාරවල පවතින ඝෝෂාකාරී බව ගැන තමන්ට දැනුම් දී ඇති බවත් කී උන්වහන්සේ මෙම තත්වය නිසා විදෙස් සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත්වයෑමේ අවදානමක් පවතින බව ද ප්‍රකාශ කළහ.
විශ්ව විද්‍යාලය තුළ හා නේවාසිකාගාරවල මෙම කටයුතු මෙහෙයවන්නේ ශිෂ්‍ය සංගමයේ රැකවරණය ලබන 50 ක 60ක පිරිසක් බවත් ඔවුන් නිසා අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනයට ද බාධා එල්ල වන බවත් සුමනවංශ හිමියෝ කීහ.
මෙම තත්වය වළක්වා විනයගරුක පරිසරයක් ඇති නොකළහොත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අරමුණු ඉටුනොවනු ඇතැයි ද මහෝපාධ්‍ය හිමියෝ වැඩිදුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවරුන්ට විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ. පිරිවෙන් හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඕක වහලා දාලා ගොඩනැගිලි ප්‍රයෝජනවත් දෙයකට යොදවගන්න.
මේ ටික කියන්න ප්‍රශ්නයක් ඇති වෙනකම් හිටියනේ...!
මේක අද ඊයේ ඇතිවූ තත්ත්වයක් ද, නොඑසේ නම් මේ තරම් කාලයක් නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි?
මේ තමයි ජෙප්පන් කරන නස්පැත්තිය. ජෙප්පන් බලයට ආවොත් ආගම ඇදහීමත් තහනම් කරනවා සිකුරුයි. රට බල්ලාට ගියත් ජෙප්පන්ට නම් පාලන බලය දෙන්න එපා. දුන්නොත් ඒ අපේ අන්තිම කැමති පත්‍රය වේවි. මොවුන්ට නේවාසික පහසුකම් මොකටද? නේවාසික පහසුකම් නැති කරන්න...
ඔහොම යමු.ඉස්සරහට තව තව දේවල් දැකගන්න ලැබෙයි. බුදුසසුන බැබලේවා තමයි.
මේ ගැන බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මහා නායක හිමිවරු නිහඬව ඉන්නේ කුමන කරුණක් නිසාද?මෙපමණ විශාල මුදලක් බුද්ධ ශාසන අමාත්‍යංශයට වියදම් කරන්නේ කුමකටද ?
මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් නම් මොකද මේක මේ විදියට පවත්වා ගෙන යන්නේ? මොකද මෙතන ආගම ධර්මය විතරක් උගන්වන්න බැරි? මොකද භික්ෂුන් විතරක් මෙතනට ගන්න බැරි? මේකට වග කිව යුත්තේ පාලකයන්.
අතීතයේ සතර වර්ගයම නිවන් දකින්න මහන වුනත් අද කාලයේ පිනට කාල ඇදල අධ්‍යාපන වියදම් පංසලේ දායකයින් ගෙවන නිසා කිසිම වියදමක් නැතුව ඉගෙන ගෙන රැකියාවක් කිරීමට හා විවාහයක් කරගෙන ජොලියෙ ඉන්න හිතාගෙන දරුවො මහන කරනවා දරුවො මහනවෙනවා එහෙම කෙනෙක් දෙන්නෙක් ගැන උදේ සවස දකින නිසා දැන් ඔඔවුන් විදින දුක අපිට පේනවා .කොහොම වුනත් ඉතාමත් දුප්පත් වුනත් උපාසක උපාසිකාවන් දෙන මුදලින් ඉගෙනුම ලබාගෙන සමාජ විරෝධී කටයුතු කලොත් එලොව පමණක් නොවෙයි මෙලොවත් අනන්ත දුක් විදින්නම වෙනවා ඒක සක්කරයාගේ පුතා වයිමටවත් වෙනස් කරන්න බැහැ ඒ වගේම ඔහුගෙන් ඇරඹෙන හත්මුතු පරම්පරාවෙ සැමටත් සතර අපායේ දුක්විදින්නම වෙනවා සත්තයි
මෙම පිංගුත්තරයින් ටික ඇෆ්ගනිස්ථානයට එලවා දමන්න.