IMG-LOGO

බුද්ධි තොරතුරු ඉහළ සිට පහළට ගැලුවා විතරයි

(අංජුල මහික වීරරත්න)


කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවට අප්‍රේල් 4 වැනිදා තොරතුරු ලැබීමෙන් පසුව එය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ගේ සිට ඊළඟ නිලධාරීයා  දක්වා තොරතුරු යොමු කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක සඳහන් වේ. 
 
මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් තානාපති ප්‍රජාව හරහා ලැබුණු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා  විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ,නියෝජ්‍ය පොලිස්පති ආදී තනතුරුවෙත යොමු කිරීම පමණක් සිදුව ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනපතාම ජාතික ආරක්ෂාව,නීතීය හා සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට කරුණු වාර්තා කිරීම ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශය ඒ සම්බන්ධයෙන් දින 16 ක් ගතවන තෙක් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් පෙන්නුම් නොකරතැයි අදාළ වාර්තාව වැඩිදුරටත් විස්තර කරයි.
 
රජයට ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හා අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද බාර දීමට නියමිතය.



අදහස් (7)

බුද්ධි තොරතුරු ඉහළ සිට පහළට ගැලුවා විතරයි

smith Thursday, 25 April 2019 11:28 AM

ඉහල ඉඳල පහළට ගැලුවානම් ඇති

:       0       0

karolis Thursday, 25 April 2019 11:29 AM

රජයට ඉදිරිපත් කල රහස්‍ය වාර්තාව ජනාධිපති ට සහ අගමැති ට ඉදිරිපත් කිරීමට නියමිත උනත් ඊට කලින් ප්‍රචාරය වීමෙන් පේනවා ආණ්ඩුවක තරම

:       0       0

ගල්කටස් Thursday, 25 April 2019 11:38 AM

තාම බෝලෙ එහෙට මෙහෙට පාස් කරනවා විතරයි..අන්තිමට මෙකට වග කිව යුත්තන් වෙන්නෙ මහ ජනතාවම වෙන්නත් බැරි නැහැ.බොරු මවනවා දැන් හිතලා කරපු සෙල්ලම වහගන්න .

:       0       0

චන්දා Thursday, 25 April 2019 11:38 AM

මේ හලෝ මේ රහස්‍ය වාර්තා මොන මගුල්ද ? පාලකයෝම ඊයේ පෙරේද කීවේ උන්ගේ පාලන ක්‍රියාකාරිත්වය කෙරුනේ කොහොම කියලා පසුගිය වකවානුවේ. පාලකයෝ වගවීම කියන වචනේ තේරුම නොදන්නා බබාලා නොවෙයිනිනේ. ගෙදර පලයව් දැන්

:       0       0

chandima Thursday, 25 April 2019 03:04 PM

ඕක බුද්ධි තොරතුරුවල විතරක් නොවෙයි රටේ සෑම අංශයකම තියෙන දෙයක්. ඉහළ සිට පහළට විතරයි. ඒ ඒ අංශවල මොනතරම් දැන උගත්, පුහුණු, පළපුරුදු නිලධාරීන් උන්නත් අන්තිමේ කසිප්පු කාරයෙක්, කුඩු කාරයෙක් ඇමති වෙලා කියන දේ තමයි කරන්න වෙන්නේ?

:       0       0

Don Friday, 26 April 2019 01:25 PM

ගැලුවේ නැහැ ගිලලා.

:       0       0

senevirathne Saturday, 27 April 2019 01:20 AM

එතකොට මහින්ද කොහොමද කියන්නේ විනාසය වුනේ බුද්ධි අංශ හිරේ දැම්ම නිසා කියලා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 227 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site