(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය කතාව බුදු සරණයි කියා පටන් පටන් ගත්තත් මැද දී නාලාගිරියාත් අවසානයේ අංගුලිමාලත් මතු වන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ණය, බදු සහ ආයතන විකිණීම අයවැයේ තුන් සරණ ලෙස පාවිච්චි කර තිබෙන්නේ යැයිද අලහප්පෙරුම මහතා කීය.
අයවැය පිට කවරේ බෞද්ධ දර්ශනය තිබුණාට පොත ඇතුළේ තියෙන්නේ මොනවාදැ යි විමසා බැලිය යුතු බව කී අලහප්පෙරුම මහතා හොර හරක් ලොරියෙත් බුදු සරණයි කියා ගසා ඇතැයිද ඒ පොලිසියෙන් බේරෙන්න ට උපක්‍රමයක් ලෙස බවද කීය.
ණය මත නොදුවන ආර්ථිකයක් ගැන අයවැය කතාවේ තිබෙන බවත් 2015 වසරේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ණය නැති රටක් ගැන කථා කළ බවත් කී ඩලස් අලහප්පෙරුම මහතා ඒ දෙකේ වෙනස ත්‍රෛලෝක විජය පත්‍ර සහ කංසා අතර තියෙන වෙනස වගේ එකක් බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බුදු සරණයි කියා පටන් ගත්තට මැදදී නාලාගිරි පනිනවා
abaran Monday, 20 November 2023 02:25 PM
චන්ද්‍රිකාගේ 1994 රජයේ හිටිය මාතරින් ආපු නියෝජ්‍ය ඇමති කෙනෙක් . මිනිහ සමහර දිනවලදී උදේට මතර බස් නැවතුමේ පෝලිමේ ඉඳල කොළඹ එන බස් එකට නගිනවා . දෙනෝදාහක් සෙනග මෙවෙලවට එතන ඉන්න නිසා අනේ අර බලන්න අර ඇමති තුමා කොච්චර නිහතමානිද . බලන්න අපිත් එක්ක එකට පෝලිමේ ඉඳල බස් එකෙන්නේ කොළඹ යන්නේ කියල බොහොම ප්‍රසාදයෙන් කතාකරනවා . නමුත් මිනිහ මේ බස් එකේ එන්නේ බස් හෝල්ට් කීපයයි . මගදී බස් එකෙන් බැහැල එතන ඉඳන් සේකුරිටි එකත් එක්ක වහන දෙකකින් කොළඹ එනවා. නමුත් අර මාතර බස් ස්ටෑන්ඩ් එකේ හිටපු දෙනෝ දාහක් දෙනා එක දන්නේ නැහැ . ඔන්න ඔහොම කපටි අයියලත් මේ අයවැය ගැන වල බයිලා කියවනවා දැක්කම කොතනින්ද හිනාවෙන්නේ කියල හිතෙනවා .
නන්දන Monday, 20 November 2023 03:05 PM
පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවට ගෙනා රටට අහිතකර රට බංකොලොත් වීමට හේතුවූ යෝජනා (ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගන්නා ණය සඳහා රජය ඇපවීම වැනි) අනුමත කළ මේ පිරිස දැන් කතා කරන්නේ කලින් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ වගේ...!
Sampath Monday, 20 November 2023 06:09 PM
විපක්ෂයේ ඉඳන් බයිලා කියවනවා. ජනාධිපති වෙන්න සූට් මහගෙන හිටියා... අරගල කාරයින්ගේ පිහිටෙන් ඒක වැරැදුණාම බයිලා ගහනවා. මෙයා පත්වුණා නම් කොට්ටම්බා විකුණලාද මේවා ගෙවන්නේ..? මිනිස්සු ගොනාට අන්දන්න ආයේ බෑ...
Sampath Monday, 20 November 2023 06:19 PM
සාමාන්‍ය පෙළ එක්සෑම් නොතියා හැමෝටම සහතිකයක් දෙන්න යෝජනා කළා නේද? එහෙව් මිනිස්සුන්ගෙන් මේ වගේ දේවල් මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? මාතර මිනිස්සුන්ගේ ගෙවල්වලට නිල්වලලාගේ කිඹුල්ලු ඉන්න වතුර ගලන ව්‍යාපෘති ගෙනාවේ මෙයාලා ආණ්ඩු කරන කාලේ මාතර මෝඩයින් තව ඉන්නවා නම් ආයේ එවන්න.