(නිමල කොඩිතුවක්කු)
වැට් බද්ද වෙනුවට දැනට බදු එකතු කරන ක්‍රමවේදය හෙවත් බදු පරිපාලනය කාර්යක්ෂම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම කෝටි ගණන් මුදල් උපයමින් බදු පැහැර හරින පුද්ගලයන්ගෙන් නිවැරදිව බදු අය කර ගැනීමත් දූෂිත ක්‍රමවේද යටතේ රජයට හිතැති සමාගම්වලට ලබා දුන් අනවශ්‍ය බදු සහන ඉවත් කිරීම කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
වඩාත් විනිවිදභාවයකින් බදු අයකිරීම ඩිජිටල්කරණයට ලක් කරනවාට ඇතැම් පිරිස් විරුද්ධ බවත් යම් හෙයකින් ඩිජිටල්කරණයක් සිදු කළ හොත් දූෂණය අඩුවන බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ දඹදෙණිය නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව තුන්වැනි වතාවටත් විදුලිබිල වැඩි කර විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ ගණනින් අනාථ කර ඇති මොහොතක වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කිරීම පහත් ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් අපි වගේ තමයි... කරන්න ඕන දේ කිය කියා ඉන්නවා. අපි නම් කිය කිය ඉන්නේ අපිට බලයක් නැති නිසා. රටේ 4 වැනි පුරවැසියා හැටියට ඔයාට මොනවත් කරන්න දෙයක් නැතිනම් ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න...