
(රෝෂන් තුෂාර)
උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට අද (11) නිකුත් කළේය.
තාබුගල සහ හංසමාලී යන පුද්ගලයන් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චූදිතයන් දෙදෙනාට එරෙහිව පැවරු නඩු දෙක කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
මෙම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී දේශය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කියා සිටියේ දේශීය ආදායම් පනතේ 122(2)ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්තිය ප්‍රකාරව චූදිතීන්ගේ පදිංචි ස්ථාන සෝදිසි කිරීමට හා දේපළ තහනමට ගැනීමට අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තු ව ප්‍රකාරව තාඹුගල පදිංචි තලවතුගොඩ නිවසට ගියද ඔහු එම පදිංචි ස්ථානය හැරගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වන බවය.
පියුමි හංසමාලී පදිංචි කොළඹ 07 නිවසට ගියද ඇය කිසිදු ව්‍යාපාරික ලේඛනයක් එම පදිංචි ස්ථානයේ තබාගෙන නොමැති බව සඳහන් කළේය.
එසේ හෙයින් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද ඊට අවසරය ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි
susantha Monday, 11 November 2024 09:00 PM
කොහේ පෙන්නන්නද ලියවිලි, ඔය ඔක්කොම වගේ කරන්නේ රාජපක්ෂලා වගේ හොර, තක්කඩින්ගේ නැතිනම් ඩුබායිවල හැංගිලා ඉන්න කුඩු ලොක්කන්ගේ කළු සල්ලි සුදු කිරිල්ල..
Perera Monday, 11 November 2024 10:11 PM
හංසමාලිගේ වත්කම් තියෙන්නේ කොහේද කියලා ගනුදෙණු කරපු අය දන්නවා.