IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බුදු දහම ලොවම වටහා ගත යුතු කාලය ඇවිත්

(අංජුල මහික වීරරත්න)

බුද්ධ දේශනාව ප්‍රායෝගිකව වටහා ගනිමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙසක් දින පණිවිඩයෙන් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලූ බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලූ දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලූ ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය. බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක්‌ ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳවද බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි. “සබ්බං රට්ඨං සුඛං සේති - රාජා චේ හොති ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.

බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව පොරබදිමුයි මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලුදෙනාට ඇරයුම් කරමි.

 



අදහස් (6)

බුදු දහම ලොවම වටහා ගත යුතු කාලය ඇවිත්

prasanna Monday, 12 May 2025 10:16 AM

බුදු දහම? දළදා දැක්මත් අවුල් කළා. ඔයාට මොන දහමක්ද?

:       0       1

Bandu Monday, 12 May 2025 11:15 AM

බුදුදහමේ බොරු කීම පාපයක් බව වටහා ගතයුතු කාලය ඇවිත්...

:       0       1

Rata Perata Monday, 12 May 2025 11:22 AM

සම්පූර්ණ ඇත්ත. මිනිස් ජීවිත සැපවත් කරන්න තියෙන ආගමවල නාමයෙන් මිනිසුන්ගේ/සත්ව ජීවිත වලට, ආගමේ නාමයෙන් නාමයෙන් හිරිහැර කිරීම නැවැත්විය යුතුයි. ඒ සදහා බුදු දහමේ ලැබිය හැකි සහාය අපහාසයක්.

:       1       0

de silva Monday, 12 May 2025 12:15 PM

70 ,80 දශක වල බුදු දහම මිථ්‍යාවකි , කාර්ල් මර්ක්ස්ගේ ධර්මය තමා හරි කියමින් විරුද්ධ මතධාරීන් ගාතනය කල jVP එකේ අද නායකයා දැන් බණත් කියන්න පටන් අරන් , බලන්න කාලය මැවූ වෙනසක අරුමය

:       0       1

Rahula Monday, 12 May 2025 02:58 PM

මුසාවාදය, අනුන්ට අපහාස කිරීම, සමාජ වෛරය වැපිරවීම වගේ දේවල් බුදු දහමේදී සැලකෙන්නේ බරපතල ගණයේ අකුසල් වශයෙන් බව මුන්නැහේ දන්නේ නැතිව ඇති මගේ හිතේ...

:       0       1

NPP Monday, 12 May 2025 04:16 PM

මේ වගේ නායකයෙක් ශ්‍රී ලංකාව තුළ බිහිවීම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසාම අපි හැමෝම එකට එකතු වී මේ ලස්සන රට සංවර්ධනය කිරීමට පියවර ගමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25913 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 599 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site