
( බී.ජී. චතුරංග )
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමින් යදමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (18 ) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්ස පුර, පණ්ඩුලගම, වෙස්සගිරිය, තිසා වැව, ජයන්තිමාවත, කොරකහ වැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 51ත්, 80ත් අතර වියේ, පසුවන කාන්තාවන් හය දෙනෙකි.
සැකකාර කාන්තාවන්, ඇස් වලට කාච දමා ගැනීමට , වකුගඩු රෝග ප්‍රතිකාර , දඹදිව වන්දනාවේ යාම සඳහා බව පවසමින් මුදල් ඉල්ලා 'පෙත්මග' තුල ගමන් කරන බැතිමතුන්ගෙන් සිඟමන් ඉල්ලා මාර්ගය හරස් කරන බවට නිරන්තරයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකාරියන් අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොළඹ ට්‍රැෆික් ලයිට් වල ඉන්න සෙට් එකත් අරන් යන්න බැරිද? මළ කරදරේ... ලයිට් පත්තු වුණාම යන්නත් නැහැ.
මේ අය රටට වැඩදායි වන කෘෂිකර්මාන්තය වැනි දෙයකට යොමු කිරීම යෝග්‍ය යයි සිතමි.