රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු
බිත්තරවල නව සංශෝධිත මිල සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.
සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම දැනුම්දීම කළේ මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා සවර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී බිත්තර සඳහා පාලන මිලක් නියමකරන ලෙස පසුගිය අගෝස්තු 19 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නඩු විභාගය අවසාන වන තෙක් අත් හිටුවීමට අතුරු නියෝගයක්ද නිකුත් කෙරිණි.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ පෙරේදා (14) රැස්වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්ද රතු බිත්තරයක් සඳහා රුපියල් 44 ක්ද උපරිම සිල්ලර මිල ලෙස නියම කිරීමට තීරණය කර ඇති බවය.
ඊට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කියා සිටියේ එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බවත් එය පාලන මිල ගණන්වලට අඩු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකාරිය මේ වියදම් කරන්නේ බිත්තර හිඟයක් ඇතිකරන්න.
පාරිභෝගික අධිකාරියට පුළුවන්ද ඔය කියන ගාණට බිත්තර විකුණන්න..?
පාරිභෝගික අධිකාරිය රටට යහපත් දෙයක් කලේ ඉතාම කලාතුරකින්.
ෆුඩ් සිටිවල වල රු 55/= 60/=
මිල තීරණය කරන්න වෙළෙඳපලට ඉඩදෙන්න.
තවමත් බැරිඋනා බිත්තරයකට මිලක් නියම කරන්න ඉතිං ඉතුරු දේවල් ගැන කතා කරන්න දෙයක් තියෙනවද?