(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ආනයනය සම්බන්ධයෙන් ඉන්දීය සැපයුම්කරුවන් ලබා දිය යුතු වාර්තා අද (04) දිනයේ ලැබෙනු ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
වාර්තා ලැබුණු වහාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.
ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ තෝරාගෙන ඇති ඉන්දීය සැපයුම්කරුවන් දෙදෙනාට අද දිනය ඇතුළත අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම්දී ඇති බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.
ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද විගස බිත්තර ආනයන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භකළ හැකි වෙතයි ඔහු විශ්වාසය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් ඉන්දීය වෙළෙඳපොළ මගින් දේශීය සුළු ව්‍යාපාර ආක්‍රමණය කර ඇති පසුබිමක් සොච්චම් ලාභයක් වෙනුවෙන් ඒ මත යැපෙන ලක්ෂ 5ක් පමණ ජනතාගේ ජීවිතය අනතුරේ දාන්න එපා. භයානක කරුණ නම් කුරුළු උණ වැනි වසංගත නැවතත් ඇතිවීමේ අවදානමද බැහැර කළ නොහැකි බවයි.
ලංකාවේ මිනිස්සු ඔච්චර බිත්තර කන්න දඟලන්නේ එහි තියන ගුනදායක බව නිසාද? ප්ලීස් මේ ගැන කරුණු පහදන්න. එහෙම කිව්වට පස්සේ මිනිස්සු තීරණය කරයි බිත්තර කෑම ගැන.