IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බිත්තර -කුකුලු මස් මිල පහළට

 (නිමල කොඩිතුවක්කු)


වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස්  සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.


ඒ අනුව බිත්තරයක මිල රුපියල් 26 ත් 30 ත්  අතර මිලකටත් කුකුලුමස් කිලෝව රුපියල් 650 ත් 850 ත් අතර මිළකටත් අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.


බිත්තර සහ කුකුලු මස්  නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම  මිල පහල යාමට හේතුවී ඇතැයිද මස් සහ  බිත්තර නිශ්පාදකයෝ  සඳහන් කරති.


සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 500 ත් 520 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. මේ අතර කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.

 



අදහස් (9)

බිත්තර -කුකුලු මස් මිල පහළට

යෝගා Sunday, 02 February 2025 03:56 PM

බිත්තර මිල පහල ගියේ අනුර නිසා. හාල් මිල ඉහළ ගියේ මහින්ද නිසා. මීට ජෙප්පෝ...! 

:       42       24

sene Sunday, 02 February 2025 04:08 PM

ඇත්ත කාසි අහේනිය, මොන බිත්තර, කුකුල් මස්ද? හවසට හාල්, කරවල ටිකක් ගන්න දෙන ගේම, අපි කන හැටි ලිපා දනී...

:       12       30

Rashmi Sunday, 02 February 2025 04:48 PM

බිත්තර, කුකුල් මස්, විදුලි බිල අඩු වෙච්චි එක අපිට වැඩක් නෑ. අපිට රතු හාල් ඕනේ... මීට විපක්ෂය.

:       11       47

Saman Sunday, 02 February 2025 07:37 PM

කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි තාමත්

:       6       32

Jagath Monday, 03 February 2025 12:21 AM

කුකුළු මස්‌ කොහෙද බං ගණන් අඩු

:       1       10

AslamMonday, 03 February 2025 08:34 AM

ඔව් ඔබ නිවැරදියි. මම කුකුල් මස් කිලෝ එකක් ගත්තේ 1150ට.. පාලන මිලක් නොමැත

:       0       11

Anura Monday, 03 February 2025 12:03 PM

රටේ කොහේ මිල අඩු වුණත් මහනුවර නම් බිත්තරයක් 32යි, 35 යි... සමහර විට නුවර මුදලාලිලා විකුණන්න කළින් බිත්තර රැකලා විකුණනවා වෙන්න ඇති.. කුකුල් මස් 1100යි නුවර...

:       0       7

SubashSaturday, 08 February 2025 10:08 AM

වැලිමඩත් එහෙම තමයි...!

:       0       0

Hamid Monday, 03 February 2025 03:15 PM

ජෙබයියෝ බඩුගන්නේ වෙනම තැනකින්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site