
( මහින්ද නිශ්ශංක)
දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය
පසුගිය කාලය තුළ දේශීය බිත්තර මිල රුපියල් 55,65 දක්වා ඉහළ යාම හේතුවෙන් සහන මිලකට ජනතාවට බිත්තර ලබා දීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පසුගිය රජය පියවර ගත්තේය.
මාසයකට බිත්තර මිලියන 3 බැගින් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබූ බවද වාර්තාවේ.
මේ වනවිට දේශීය බිත්තර මිල පහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම අවශ්‍ය නැතැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් කෑම මිලත් අඩුකරන්න
ඉන්දියාවේ බිත්තර ගෙන එන එක පාලනය කරන්න රජය මැදිහත්වෙන්න එපා... ඉල්ලුම සහ සැපයුම මත රටේ බිත්තර මිල සහ අනෙකුත් අහාර මිල තීරණය වෙන්න ඉඩහරින්න. ලංකාවේ බිත්තර සහ සහල් වෙළඳාම තීරණය කරන්නේ මාෆියා කාරයෝ අතලොස්සක් ඔවුන් එකවර හිතු හිතූ පරිදි මිල ගණන් ඉහළ දමනවා... එහෙම කරාම බිත්තර මිල එකවර ඉහළ යනවා... බිත්තර මිල මෙහෙමවත් පාලනය වෙලා තිබෙන්නේ..., ඉන්දියාවෙන් එන බිත්තර නිසා, එක 100% නවත්වලා දමන්න එපා... දෙසැම්බර් මාසේ නත්තල් සහ ටුවරිස්ට් සීසන් එක ආරම්භ වෙන නිසා රටේ බිත්තර ඉල්ලුම වැඩි වෙනවා, මිල වැඩිවුණු ගමන් මිනිස්සු බනින්නේ ආණ්ඩුවට, රටේ බිත්තර නිෂ්පාදනය ඉහළ දමන්න ඕනේ නම් රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා (ගුණාත්මක කුකුල් කෑම, උසස් ප්‍රබේධයට අයත් මවු සතුන්, උපදෙස් ලබාදී) සුළු සහ මධ්‍යම පරිමාණ ගොවියා ශක්තිමත් කරන්න ඕනේ, රජයට අයත් කෘෂිකර්ම සහ පශු සම්පත් දෙපාර්තමේන්තුවල නිකරුනේ කාලය ගතකරමින් සිටින නිලධාරීන්ට ඉලක්ක ලබාදීලා ඔවුන්ගෙන් 100% දායකත්වය ලබාගන්න කටයුතු කළ යුතුයි. කෘෂිකර්ම ජ.වී.පෙට අලුත් දේවල් නොවේ.. 2004-2005 දී ඔවුන් කෘෂිකර්ම අමාත්යංශය පමණක් තිබෙන කොට මේවා ක්‍රියාවෙන් ඔප්පු කරලා තිබෙනවා..
ගුණරතන ඉල්ලුම සහ සැපයුම මත භාණ්ඩ මිල තීරණය වෙන එක මගේ සොයා ගැනීමක් නොවේ . එක ලෝකේ පිළිගත්ත ආර්ථික න්‍යායක් , බිත්තරේ රුපියල් 10 ට දෙන්න බැහැ 2019 රුපියල් 17 වුණා , 23-30 අතර මිලක් සාධාරණ බව පෙනේ.