(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
එම සැකකරු පැමිණි යතුරුපැදිය මෙන්ම මන්න පිහියක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිසිය බාරයට ගෙන ඇත
ආපනශාලාවට රම්බෝ වගේ පිය රැගෙන කඩා වැදුණු සැකකරු මුදල් අයකැමිට තියුණු ආයුධය පෙන්වා මරණීය තර්ජනය කර මුදල් කොල්ල කෑමෙන් අනතුරුව එහි සේවකයන් සහ පැමිණි සිටි පාරිභෝගිකයන් වටකර පහර දී ඇති අතර ,අනතුරුව සැකකරු මාර්ගය ගමන් ගත්තේ ත්‍රිරෝද රථයක් බලහත්කාරයෙන් නවතා පලායමින් සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි
එම අවස්ථාවේදී රත්මලාන බේකරිය හන්දිය ප්‍රදේශයේදී රාත්‍රී රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය වන තිරෝද රථය පිළිබඳ සොයා බැලීම සඳහා එම ස්ථානයට යාමේදී එහි සිටි සැකකරු එයින් පිටතට පැන පලා යමින් සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු පසුපස හඹාගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් හා පොරබදා පොලිස් නිලධාරියකුට පිහියෙන් ඇනීමට තැත්කිරීමේදි අනෙක් පොලිස් නිළධාරීයා විසින් සැකකරුට පාදයකට වෙඩි තබා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd