(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොද්දට ලුණු වැඩි වුණා කියා, බත බෙරි වුණා කියලා නෝනා දික්කසාද කරන්න හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එහෙම  දික්කසාද කළොත් අාපහු  බඳින්නේ කවුදැයි විමසූ මන්ත්‍රීවරයා ඒ  නිසා අය වැයට පොදුජන පෙරමුණ  සහයෝගය ලබා දෙන බව සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ 27/2 ප්‍රශ්නය අහනවා වෙනුවට මහා පතරංග ජාතකයක් ඉදිරිපත් කරන බව කී අබේගුණවර්ධන මහතා ඔහු ලෝකෙ නැති වල්පල් කියවමින් සිටින බව සඳහන් කළේය.