(පුෂ්පකුමාර ජයරත්න සහ සම්පත් සෙනෙවිරත්න)
තුන්වේලම හොඳට කාලා බීලා තෘප්තිමත් ජනතාවක් සිටිය රටක් බංකොලොත් කියලා ලෝකයටම ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුරුණෑගලදී පැවැසුවාය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (පොදුජන පෙරමුණ ) ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල වඳුරාගල පිහිටි නිවසේ මෙම ජනහමුවකට එක් වෙමින් හිටපු ජනපතිනිය එසේ කීවාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද සඳහන් කළාය.
දැන් ලංකාව ණය නොගෙවන රටක් බව ආණ්ඩුවම පිළිගෙන තියෙනවා. මොන විලිලැජ්ජාවක්ද ඒක. සීයට 33% ක් පවුල් වේලක් කන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අවුරුදු පහට අඩු ළමයි විශාල පිරිසක් අධි මන්ද පෝෂණයෙන් පෙලෙන රටක් බවට වත්මන් ආණ්ඩුව රට පත් කරලා ඉවරයි. මේ රට බංකොලොත් බව ප්‍රකාශ කරලා තියෙන්නේ ආණ්ඩුව විසින්මයි. අපේ රට පුංචි වුණත් අවුරුදු 2300 ක ඉතිහාසයකට හිමිකම් කියන පෞඩ රටක්. ජනතාව තුන් වේලම හොඳට කාලා බීලා හිටපු රටක්. ලෝකය මවිත කරන වැව් පද්ධතියක් අපිට තිබුණා. ලෝකය පිළිගන්න ගෘහ නිර්මාණ ශිල්පයක් අපිට තිබුණා. ඒ කාරණා කොහොමද අපේ රටට ආවේ කියලා ලෝකයටම පුදුමයක්. එහෙව් රටක අද දවසට පැය ගාණක් විදුලිය නෑ. අධ්‍යාපනය බින්දුවට බැහැලා.
මෙවැනි ප්‍රශ්න විසඳන්න ආන්ඩුවක් තිබිය යුතුයි. එහෙම ආණ්ඩුවක් අද තියෙනවාද ? එහෙම නායකත්වයක් තියෙනවද ? මෙතෙක් මෙරට පාලනය කළේ පක්ෂ දෙකක්. තවත් පක්ෂ තියෙනවා මන්ත්‍රීවරු හත් අට දෙනෙක් ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ දැන් ටිකක් ඉදිරියට එනවා. අනිත් පක්ෂනම් ඉවරයි. රටේ ප්‍රධානම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂයත් කෑලි දෙකකට කැඩිලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේවනවිට නැත්තටම නැති කරලා. මම ඒ පිළිබඳව අතිශයින්ම කණගාටු වෙනවා.
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විතරක් කෑලි හයකට කැඩිලා ඉන්නේ. සෑහෙන පිරිසක් පොහොට්ටුව අරන් ගියා රාජපක්ෂලා. මහින්ද රාජපක්ෂට හීනයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒ අයගේ දර්ශනය අනුව නැවත ගොඩ නගාගන්න. මහින්ද ලාට බණ්ඩාරනායක දර්ශනය කවදාවත්ම හරියන්නේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම දවසක හොරකම් කරන අය හිටියෙ නැහැ. නමුත්ද දැන් ඒ ශ්‍රේෂ්ඨ පක්ෂයේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ මට, මගේ පවුලට, මගේ ගෑණිට, දරුවන්ට, ගෑනිගේ සහෝදරයින්ට ආදී වශයෙනුයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිරිසක් විනාශ කරලා ඉවරයි.
COMMENTS
රාජපක්ෂලාට බණ්ඩාරනායක දර්ශනය හරි ගියේ නෑ කියමුකෝ, ඒක පුදුමයක් නොවෙයිනේ... ඒත් මෙතුමියට නම් බණ්ඩාරනායක දර්ශනය 1980 දශකයේ සිටම හරි ගියේ නෑ කියලා නම් අපටත් හොඳටම දැනුණා...
ජනතාවට හැමෝම එකතුවෙලා කාලෙන් කාලෙට දර්ශනේ දාලා ජනතාව අතරේ අමාරුවේ දැම්මා විතරයි.. අපිට මතකයි වයඹ දර්ශනේ... කොහොම වුණත් හැමෝගේම දර්ශන දැන් ජනතාවට තිත්ත වෙලයි තියෙන්නේ...
ඔය හැමෝම තමුන්ගේ බල තණ්හාවට, පැවැත්මට අටවාගත්තු දර්ශන මිසක්, රටට වෙච්චි සුගතියක් නැහැ.
අනේ යන්න නෝනේ යන්න. අපි නොදන්න දර්ශන. ඔය හැම දර්ශනයක්ම මහජනතාව බලලා තියෙන්නේ. ලබන ඡන්දෙන් පස්සේ අළුත් දර්ශනයක් රටට ලැබෙයි. ඔය කියන හැම දර්ශනයක්ම මිනිස්සු ප්‍රතිෂේප කරලා ඉවරයි. මිනිස්සු ඉල්ලන ඒ දර්ශනය දැන් ඉන්න මොකෙකුටවත් තේරෙන්නේ නෑ. මල්ලේ පොල් වැඩ කරන්නේ.