
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබඳව විශාල සැකයක් ඇති බව ගෙළවැලලා මියගිය බව කියන බණ්ඩාරගම ගුන්ගමුවේ සිසුවාගේ පියා වන පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
තම පුතාගේ චරිතය කෙලෙසන බවට බියගන්වා කිසියම් පුද්ගලයකු කටයුතු කිරීමෙන් එය දරාගත නොහැකිව පුතාගේ මරණය සිදු වූ බවට පැහැදිලි සාක්කි තිබෙන බව ද මියගිය දරුවාගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හමුවේ පවසයි.
මෙම පුද්ගලයා අනාවරණය කරගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ගෙන් ඉල්ලා ඇත.
බණ්ඩාරගම ගුන්ගමුව ප්‍රදේශයේදී පදිංචව සිටි අශේන් ඉසුරු වික්‍රමාරච්චි නැමැති 16 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් වසරේ ඔක්තෝබර් 11 වැනිදා නිවස තුළදී ගෙල වැළලාගෙන මියගියේය.
මාගේ පුතාගේ මරණයට හේතුව ජංගම දුරකතනයෙන් වීඩියෝ ක්‍රීඩා කර පරාජය දරාගත නොහැකිව යැයි බණ්ඩාරගම පොලිසිය ක්ෂණිකව තීන්දු කළ අතර විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍ය ජාලාවල ද ඒ අයුරින් ප්‍රචාරය වූ බව ද ඒ මහතා කියයි
පුතුගේ මරණය සිදු වූ දා සිට ඔහුගේ ස්මාර්ට් වර්ගයේ දුරකථනය මාස දෙකක පමණ කාලයක් බණ්ඩාරගම පොලීසිය බාරයේ තිබී තමා බාරගත් බවත් මාගේ ඥාති දියණියක විසින් මීට දින කිහිපයකට ඉහත දී දුරකතනයේ අභ්‍යන්තර දත්ත පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු තරුණියකගේ වෙස්ගෙන පුතා හා මිතුරු වී ඉතා සූක්ෂම ලෙස ඔහුගේ නිරුවත් ඡායාරූපයක් ලබාගෙන අනතුරුව ඔහු කොල්ලෙක් යැයි පවසා පුතුගේ නිරුවත් ඡායාරූපය මුළු ලංකාවෙම ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්, එසේ නොකිරීමට නම් වරින් වර මුදල් මෙන්ම අන්තර්ජාල කාඩ්පත් ද කප්පම් වශයෙන් ලබාගෙන තිබූ බව පැහැදිලිව සටහන්ව තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බඩකඩිත්තුව දරුවන්ගෙන් ඈත් කරපල්ල, දවසක් දෙකක් වැලලෙන්න හදාවි, නොකා නොබී ඉඳීවි. දුන්නත් ඒකම තමයි. අම්මල අප්පලට ඕක නැතුව බැරි උනහම දරුවෙ දුව දුව කැත කරනව ඒකයි වෙන්නෙ.