IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලේ දෙයි

(අංජුල මහික වීරරත්න)

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඩ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000කි. බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූරියවැව දී ආරම්භ වි⁣ය.

මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

 



අදහස් (7)

බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලේ දෙයි

NIHALDHARMATILEKE Saturday, 11 November 2023 01:50 PM

නොමිලේ දෙන්නේ විහිළුව නවත් වන්නේ, පොහොර කිලෝවකට රුපියල් 10ක්වත් ගත යුතුයි.

:       0       0

sena Saturday, 11 November 2023 02:16 PM

ඕකට ලෝක බැන්කුවෙන් දෙන පොහොර බෙදා දෙනවා කියන්නේ නැත්තේ මොකද?

:       1       4

රංබොඩ Saturday, 11 November 2023 02:22 PM

අපේ රටට ආවේනික වූ ඉරිඟු තිබුණා . බෙ⁣හෙත් පොහොර මොකුත් ඕන නෑ. ඇයි මිනිසුන් මේ ගැන අවධානය යොමු නොකර කෝටි ගණන් රසායනික පාවිච්චි කරන්නේ... මේවා යට තියෙන්නේ කොමිස්...

:       1       3

jayaSaturday, 11 November 2023 05:50 PM

පෝර දාන්නේ නැති වුණාම එන ඵලදාව අඩුයි. පහුගිය අවුරුදු 2 වෙච්ච දේ දැක්කේ නැද්ද...?

:       0       2

ගැමියෙක් Saturday, 11 November 2023 03:04 PM

ඕවා දුන්නට වැඩක් නෑ. අන්න අරහේ icc ක්‍රිකට් තහනමක් දාළලු ලංකාවට... කව්ද ඉතිං මේ වෙලාවේ ඔය බඩඉරිඟු හදන්නේ...?

:       0       0

Kariyawasam Saturday, 11 November 2023 07:38 PM

තමුන් සතු දේ අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කරන කෙනෙක්...

:       0       0

sene Sunday, 12 November 2023 10:02 AM

ණයට නේ, ගෙවනකොට තවත් බදු නේ? ඕකට කියන්නේ අතින් දිලා හරක් බැලුවා වගේ කියා. ජනතාව ගොනාට අන්දවන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site