
(අංජුල මහික වීරරත්න)
අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඩ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.
ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000කි. බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට සූරියවැව දී ආරම්භ විය.
මෙම වැඩ පිළවෙළ සඳහා ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මගින් ණය ආධාරයක් ලෙස මුල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ දෙන්නේ විහිළුව නවත් වන්නේ, පොහොර කිලෝවකට රුපියල් 10ක්වත් ගත යුතුයි.
ඕකට ලෝක බැන්කුවෙන් දෙන පොහොර බෙදා දෙනවා කියන්නේ නැත්තේ මොකද?
අපේ රටට ආවේනික වූ ඉරිඟු තිබුණා . බෙහෙත් පොහොර මොකුත් ඕන නෑ. ඇයි මිනිසුන් මේ ගැන අවධානය යොමු නොකර කෝටි ගණන් රසායනික පාවිච්චි කරන්නේ... මේවා යට තියෙන්නේ කොමිස්...
ඕවා දුන්නට වැඩක් නෑ. අන්න අරහේ icc ක්‍රිකට් තහනමක් දාළලු ලංකාවට... කව්ද ඉතිං මේ වෙලාවේ ඔය බඩඉරිඟු හදන්නේ...?
තමුන් සතු දේ අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කරන කෙනෙක්...
ණයට නේ, ගෙවනකොට තවත් බදු නේ? ඕකට කියන්නේ අතින් දිලා හරක් බැලුවා වගේ කියා. ජනතාව ගොනාට අන්දවන්න එපා...