(යොහාන් භාසුර)
බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය කීය.
අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය.
බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පැවසීය.
බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කී එම සංගමය රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.
බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන 'තෙන්දුකොළ' හෙවත් බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්ව සිටීම නිසා බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට හෙට (10) සිට බීඩි අළෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය කීය.
බීඩිකොළ සම්බන්ධයෙන් පවතින නීති විරෝධී තත්වය මගහරවා ගැනීමට මැදිහත් වන ලෙස වර්තමාන රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බීඩී මිල ඉහළට
Bandara Thursday, 09 October 2025 12:10 PM
ගම්මන්පිල ට එල්ලෙන්න තුත්තිරි ගහක් . දාමු ආණ්ඩුවට වලියක්