IMG-LOGO

‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘

 

(අංජුල මහික වීරරත්න)

බඩගැන හිතන්න එපා රට ගැන හිතන්න  කියා යහපාලන ආණ්ඩුව පරාද කර පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය.

අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල් තිබුණත් කන්න නැති තත්ත්වයට  පැමිණ ඇතැයි ද පෙන්වා දුන්නේය.

පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි හොදම විකල්පය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රට බාරදීම යැයි ද ඔහු කීවේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෝදර අලුත්මාවත, ග්‍රෑන්ඩ්පාඩ් මහවත්ත, බ්ලුමැන්ඩල් කොටහේන, පිළියන්දල, මොරටුව රාවතාවත්ත හා සොයිසාපුර පැවැති ප්‍රවර්ධන වැඩසටහන්වලට එක්ව සිටියේය.

 



අදහස් (0)

‘බඩ ගැන හිතපු රට ගැන හිතපු දෙගොල්ලන්ටම දැන් කන්න නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 128 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site