(අංජුල මහික වීරරත්න)
සත්ව ආහාර නිෂ්පාදනයේදී බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් ලෙස සුණුසහල් (Broken Rice) යොදා ගැනීමට සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරයි.
සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු වෙනුවට සුනු සහල් හෙවත් කැඩුනු සහල් ආදේශකයක් ලෙස යොදා ගැනීම සුදුසු දැයි ලිඛිත සහතිකයක් දෙන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.
අමාත්‍යවරයා කළ ඉල්ලිම පරිදි සත්ව නිෂ්පාදන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සත්ව ආහාර ආදේශකයක් ලෙස කැඩුනු සහල්වල සුදුසුභාවය තහවුරු කර තිබේ.
බඩඉරිඟු හා කැඩුනු සහල් සත්ව ආහාර නිෂ්පාදනයේ දී ශක්තිජනක ආහාර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලබයි.
බඩඉරිඟු වල කුකුළන් සඳහා වූ පරිවෘතික ශක්තිය කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 3300- 3400ත් අතර පවතී. කැඩුනු සහල්වල එම මට්ටම කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි 2900-3000ත් අතර අගයක් ගනී.
2021 මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න සියයට 10ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වසරේ සතුන් සඳහා අවශ්‍ය සත්ව ආහාර සැකසීම සඳහා ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු නොමැති වීම නිසා සුනුසහල් මෙට්‍රික් ටොන් 25,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය තීරණය කරනු කළේය. 2021 මහ කන්නයේ දී රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් බඩඉරිඟු අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහළ වැටිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බඩ ඉරිඟුවලට ආදේශකයක් හඳුන්වා දෙයි
sharm warn Wednesday, 02 November 2022 12:42 PM
ආ හරිම අපූරුයි .මිනිස්සු මෙහෙ හුනුසාල් වත් නැතුව දුක් විඳිනවා .මුන්ගේ මොලේ ඇත්තටම කොයි හරියේ වගේ පිහිටලා ඇතිද?නෑ මේ නිකමට අහන්නේ