IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බඩ ඉරිඟු බීජ ලොකු තොගයක් ලංකාවට ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

විදේශ ආධාර මත ඇමරිකා ඩොලර් 367,550ක් (ශ්‍රී ලංකා රුපියල් 133, 604, 425) වටිනාකමකින් යුත් දෙමුහුන් බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144ක තොගයක්  අද (22) පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UNDP) විසින් ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව නඟා සිටුවීම සඳහා කරන ලද මැදිහත් වීම මත, තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අදාල පරිත්‍යාගය  කර තිබේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති POJ HARNPOLL, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත HANNAH SINGER, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත MARLIN HERWIG, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.



අදහස් (5)

බඩ ඉරිඟු බීජ ලොකු තොගයක් ලංකාවට ලැබෙයි

sharm warn Tuesday, 22 November 2022 03:55 PM

මොකක්ද මෙ කාලකන්නි වැඩෙ තෙරුම? අර එක දලඹු වර්ගයක් ආවෙත් මෙ වගෙ පුන්‍යවන්ත දානපති තෑගි අරගෙන නේද? මොකක්ද මෙ ඇමති බූරුව කරන්නෙ? අපෙ රටට හරි යන බීජ අපෙ බඩ ඉරිගු වලින් හදා ගන්න බැරිද? අපෙ රටෙ කෘශි පර්යෙශන ආයතන තියෙන්නෙ මොකටද? තවමත් මෙ සාහසික අපරාද වලට අත්පුඩි ගහනවද අපි?

:       4       5

විජිත් Tuesday, 22 November 2022 11:29 PM

ඔව්,... ඔබහරි. මේ බඩ ඉරිඟු දෙමුහුන් වර්ගයක් කියනවානේ. එහි ජිව විද්‍යාත්මක නම කුමක්ද..? දෙමාපියන් කවුද..? ඒ වගේම ජාන තාක්ෂණයෙන් ' කිලර් ' ජානයක් ඇතුලත් කල බඩ ඉරිඟු වෙන්නත් බැරි නැහැ. එහෙම වුනොත් බඩ ඉරිඟු පැලවෙලා, මල් හට ගනීවි නමුත් එල හට ගන්නේ නැතිවේවි. එහෙම වුනොත් මල් හටගත්තාට පසුව තව විශේෂ හෝමෝනයක් " මිලදී " ගෙන ඉසින්න අවශ්‍යයි කරල් හටගන්නනම්. ඒ වගේම ඔය ආගන්තුක බිජ - පැල වලින් අපේ රටේ තිබෙන ස්වදේශික බඩ ඉරිඟු වලට යම් කිසි ජිව විද්‍යාත්මක බලපෑමක් වෙන්නත් බැරි නැහැ. ආගන්තුක බඩ ඉරිඟුවල පරාග වලින් අපේ ස්වදේශීය බඩ ඉරිඟුවල පලදාව හින වීමක් වේවිද...? මෙවැනි ප්‍රශ්න රාශියක් කෘෂි විද්‍යාඥයින්ට ඉතිරි කරලාද මේ බිජ මේ රටට " පිළිගත්තේ "..? මන්ද බුද්ධික , ගෝත්‍රික දේශපාලකයින් පාලනය කරන රටක අප නොසිතන ඕනෑම විනාශයක් වියහැක. ප්‍රශ්නයක් ඇතිවුනොත් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ වගකීම නිලධාරීන් පිට පටවා තමුන් නිදහස් වෙයි. ඒ නිසා කෘෂි නිලධාරී මහතුනි , පර්යේෂකයිනේ ඔබේ ඇස් මේ ආගන්තුක බඩඉරිඟු වර්ගය දෙස යොමු කරන්න. ඒ අපේ රට වෙනුවෙන් , අපේ අනාගත පරපුර වෙනුවන්.

:       0       3

Ruhunu Tuesday, 22 November 2022 05:06 PM

කෘෂිකර්ම ඇමති මෙලෝ වැඩක් නැහැ.

:       0       1

ganegoda Tuesday, 22 November 2022 07:23 PM

ග්ල්යිපොසයිට් බඩඉරිඟු මේවා තමයි දැන් අපිට ආධාර වශයෙන් ලැබන්නේ

:       0       1

Saman Wednesday, 23 November 2022 02:16 AM

මුන් මගෙ රටට පහල උන පිනො හරක් කාලකන්නි කුට්ටි කුට්ටි කුට්ටි කාපියව් තවත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site