(ටී.කේ.ජී.කපිල )

 බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

 මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වී සිටියහ .

 එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන  එක් දින සීමිත ඕවර් තරග තුනක් සදහා සහභාගී වීමට නියමිත අතර එම තරග  ගාල්ල  ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය .

මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24 , 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතය .