
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද චූදිතයන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉතා හොඳම කණ්ඩායම පත් කෙරුණු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්
නීතිපතිවරයාටද දැනුම් දෙන බව පැවසූ රත්නායක මහතා එම කටයුතු සියල්ල නුදුරේදීම සිදුවන බව ප්‍රකාශ කළේය.
බට්ලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ. එම විවාදය දෙවැනි දිනයටත් ලබන මැයි මස පැවැත්වීමට නියමිතය.
COMMENTS
ඔය කමිටු වාර්තාව කවදාවත් එළියට එන එකක් නෙමෙයි. ඇත්ත තොරතුරු එළියට ආවොත් තමන්ගේ හිතවත්ම ඇමති සගයින්ගේ බෙල්ලට තොණ්ඩු දාලා තමන්ටත් වැලලෙන්නයි වෙන්නේ. මිනීමරපු සහ මිනීමරන්න අනුබල දීපු අය ඕනෑතරම් ඔතැන ඉන්නවා...
කේස් එක පරණ නිසා එක්ස්පයර් කියලා අපේ යෝගා කිව්ව බව එයා තාම දන්නේ නැද්ද?
දැන් නාට්‍ය කිසිවක් පෙන්නන්න එපා.
රටේ නීතිය අනුව ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ අය කූඩු ඇතුලෙයි ඉන්න ඕනෑ. මේ කතා හරියට අසූචි ගොඩවල් කොළ කෑල්ලෙන් වහලා ගඳ එන එක නවත්තන්න හදනවා වගේ. මේ මොන විලි ලැජ්ජා නැති මොංගල් කතාද? අනික ලැජ්ජා නැතිව තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිකළා කියනවා..., ඒ වෙලාවේ හැංගිලා පැනලා දිව්වා. මේ ඡන්දේ ලැබුනේ හොරුන්ට එරෙහිව. මේ රටේ ත්‍රස්තවාදී ක්‍රියා කළ, මිනීමරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද?..
මේ රටේ කොළ කෑල්ල දීලා මරපු මිනී මැරුම් වලට වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න...