
(විමුක්ති එස් රුද්‍රිගු)
අදානි බලශක්ති සමාගමේ අවසන් නිවේදනයත් සමග අනිද්දා (07) ට පසුව බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට තල්ලු විය හැකි බැවින් එයට මැදිහත් වන ලෙස බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයට ඉන්දීය සමාගම් තුනක් විදුලිය අපනයනය කරන අතර එම සමාගම් තමන්ට අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටී. සයිල් එනර්ජි ඉන්දියා, පී.ටී.සී ඉන්දියා සහ අදානි පවර් ජකාන්ද් යන සමාගම් බංග්ලාදේශයට විදුලිය අපනයනය කරයි.
විදුලිය බලය සැපයීම වෙනුවෙන් අයවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 846 ක හිඟ මුදල ගෙවීම අනිද්දා(07) ට පෙර ගෙවා අවසන් කර ලැබීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක ණයවර ලිපි ලබාදීමට කටයුතු නොකළහොත් බංග්ලාදේශයට සපයන විදුලිය බලය සම්පූර්ණයෙන්ම නවතා දමන බව අදානි පවර් ජකාන්ද් සමාගම බංග්ලාදේශ රජයට දැනුම්දී ඇත.
බංග්ලාදේශයට අවසන් දිනයට පෙර හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් අදානි බලශක්ති සමාගම විදුලිය සැපයීම නවතා දැමුවහොත් බංග්ලාදේශයට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.
ගෙවීමට ඇති හිඟ මුදල් පසුගිය 31 වැනිදාට පෙර ගෙවා අවසන් නොකොළහොත් ගිවිසුම් ප්‍රකාරව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව පසුගිය 27 වැනිදා අදානි බලශක්ති සමාගම ලිපියක් මගින් බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලයට දැනුම් දුන් අතර ලිපියේ සඳහන්වූ ආකාරයට හිඟ මුදල් ගෙවීමට බංග්ලාදේශය අපොහොසත්වීම නිසා සපයන විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමට අදානි බලශක්ති සමාගම කටයුතු කළේය.
විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමෙන් පසුව අයවිය යුතු හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට අදානි සමාගම අනිද්දා(07) දක්වා බංග්ලාදේශයට කල් ලබා දුන් අතර එදිනටත් හිඟ මුදල් නොගෙවූහොත් සපයන විදුලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවට දැනුම් දුන්නේය. විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමත් සමඟ එක් රාත්‍රියක් තුළ මෙගා වොට් 1600 ක හිඟයක් බංග්ලාදේශ විදුලිබල පද්ධතිය තුළ වාර්තා විය.
අදානි සමාගමට අමතරව සයිල් එනර්ජි ඉන්දියා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 180 ක හිඟ මුදලක් බංග්ලාදේශය ගෙවීමට ඇති බවත් ඉන් ඩොලර් මිලියන 30 ක් බංග්ලාදේශය ගෙවා ඇති බවත් පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදානිලා පස්සේ ගියොත් අපිටත් කවදා හරි මේ ටික තමයි වෙන්නේ.
දැන් පෙනෙනවා නේද රඟේ. මේ ටිකම තමයි, පසුගිය රජයත් කරන්න දත කෑවේ. ඔක්කොම ආර්ථික මධ්‍යස්ථාන කොමිස් ගහලා, කුණුකොල්ලෙට ඉන්දියාවට - චීනට විකුණලා. එදාවේල ටුවර්ස් ආර්ථිකයක් නිර්මාණය කරලා, අපි තමයි රට ගොඩ දැම්මේ කියල පම්පෝරි ගහලා, තවත් වසර පහකට ලංකාව රට සූප්පු කරන්න තිබිච්ච අවස්ථාව නූලෙන් නැතිවුණේ. බත් කණ හරක්ටනම් මොකද, රටට කෙළ වුණත්, උන්ට හරි ගිහිල්ල?
කැරළි ගහ ගහා උඩ පැනපු මෝඩ තරුණ ජනතාව තාම දන්නෙ නෑ තමන්ගේ රට අන්තයටම වැටිලා කියලා. හිටපු ජනාධිපතිනියට දඬුවම් දෙන එක තමයි පරමාර්ථය... මේවා තේරුම් ගන්න තව කල්යයි. අපේ රටේත් ඉන්නවා මේ වගේ ගව රෑනක්...!
සිලින්ඩර් සීයා අදානිලත් එක්ක එකතුවෙලා ලංකාවත් ඔය තත්වෙට පත්කරන්න තමයි උත්සහ කරේ.
බලයේ අවසාන ප්‍රතිඵලය මෙයයි
අපේ බලශක්තියට ඇතුල්වීමට ඉඩ දුන්නොත් අපටත් ඔය ටිකම තමා අනාගතයේදී
ඉන්දියාව හුඟාක් අතේ දුරින් තියාගන්න ඕනෑ රටක්.. අපගේ සංවර්ධන වැඩවලට ඉන්දියාව උවමනාවට වඩා සම්බන්ධ කර ගත යුතු නැහැ…
අදානිගෙද වරද , නැතිනම් ණයට බඩු අරන් සල්ලි දීපු නැති බංග්ලාදේශ්වලද?
අදානිගෙ පස්සේ ගිය අපේ එවුන් දැන් මොකද කියන්නේ. මේවා තේරුම් ගන්න. කාංචන රට අමාරුවේ දාන්න ගිය හැටි පේනවාද?
බංගලි ජෙප්පෝ පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අපේ මිනිස්සුත් ජෙප්පන්ට සපෝට් කරලා තව ටික දිනකින් පාඩම් ඉගෙන ගනීවි...
ණයට කන එක ලැජ්ජා නැද්ද?