
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දුර් සෞඛ්‍ය හේතුන් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර ඇතත් මුදල් උපදේශක සලෙහුදීන් අහමඩ් මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
මහ බැංකු අධිපති තනතුරේ ඇති වැදගත්කම සළකමින් තලුක්දුර්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කළ බව මුදල් උපදේශක සලෙහුදීන් අහමඩ් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.
මුදල් උපදේශක යනු බංග්ලාදේශ අන්තර්වාර රජයේ මුදල් අමාත්‍යවරයා වේ.
බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය අධිපතිවරුන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට බළ කරමින් මහ බැංකු සේවකයන් පසුගියදා මහ බැංකු අධිපතිවරයාගේ කාර්යාලය වට කළේය.
මහ බැංකුවේ අක්‍රමිකතා රැසක් සිදුවන බව ඔවූහු චෝදනා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය නම් පඩි වැඩි කරන්න කියලා ඉල්ලිලාම ඉන්නවා