
(විමුක්ති එස් රුද්‍රිගු)
බංග්ලාදේශ මහ බැංකු සේවකයන් මහ බැංකු අධිපතිවරයාට සහ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් තිදෙනකුට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට බල කරමින් අරගලයක් ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මහ බැංකු සේවකයන් 300 කට අධික පිරිසක් එරට මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කරමින් අධිපතිවරයාගේ කාර්යාලයට කඩා වැදී ඇති බවත් මහ බැංකු අධිපතිවරයාගේ කාර්යාලයට කඩා වදින අවස්ථාවේදී මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් එහි සිට නොමැති ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
මහ බැංකු සේවකයන් එම අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනෙකු ඇතුළුව ඉහළ පෙළේ නිලධාරීන් පස් දෙනකු ඔවුන්ගේ කාර්යාලවලින් එළියට දමා ඇති බවත් අධිපතිවරුන් තිදෙනාට සහ ඉහළ නිලධාරීන් දෙදෙනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔවුන් බලකර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
එම අවස්ථාවේදී මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන කාසි රෙහෙමාන් හිස් කොළ කැබැල්ලකට අත්සන තබා ඉල්ලා අස්වීම ලියාගන්නා ලෙස පවසමින් එම කොල කැබැල්ල විධායක අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයට ලබාදී ඇති බවත් ඉතිරි සිව් දෙනාද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර බංග්ලාදේශ මූල්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී මසූද් බිස්වාස්ද සිටින බව එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.
බංග්ලාදේශ මහ බැංකුව තුළ අරගලයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඒ සඳහා මහ බැංකුවේ සෑම දෙපාර්තමේන්තුවකම පහේ නිලධාරීන් සහභාගී වී ඇති බවත් එරට මාධ්‍ය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගලාදේශ බැංකු සේවකයෝත් අරගලයක් අරඹයි
රංබොඩ Thursday, 08 August 2024 09:55 PM
අමනයින් ඇවිස්සුනාම ඕනම රටක මෙහෙමයි. අන්තිමට රටම විනාශ කරලා තමයි පස්ස බලන්නේ...!
සීජේර Friday, 09 August 2024 12:01 AM
අනිවාර්යයෙන්ම පඩි වැඩිකරලා දෙන්නේ නැතිව ඇති. නන්දලාල් මහත්තයාව ආදර්ශයට ගන්න තිබුණා දැන් පරක්කු වැඩියි...
Nimal Friday, 09 August 2024 06:45 AM
අපේ අය නම් ඊට වඩා පරිණතයි.... පොඩි සේවකයින්ගේ ඉදන් ඔක්කෝම පඩි වැඩි කරා