(සුජිත් හේවාජුලිගේ)

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ සහ  ක්ෂේත්‍ර  භෝග වගාකරුවන්ගේ බෝග ගබඩා කිරීම සඳහා  රුපියල් කෝටි නවයක්  පමණ වැය කර  ඉදිකළ ගබඩා එකොළහක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පවරා දී තිබුණත් ඒවා භාවිත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

දිස්ත්‍රික්ක හයක මේවා ඉදිකර ඇතැයි පැවසෙන්නේ  ලෝක බැංකු ආධාර යටතේය.

අවශ්‍යතා හඳුනාගැනීමෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් මේවා වල් බිහි වී ඇති බව වාර්තාවේ.

එසේම අනුරාධපුර මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රුපියල් ලක්ෂ විසිහතරකට වැඩි මුදලක්  වැය කර  ඉදිකරන ලද ගබඩාවේ කටයුතුද තවදුරටත් අවසන් කර නොතිබුණු බව  විගණන  වාර්තාවේ දැක්වේ