(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඩොලර් මිලියන 2 ක මුදලක් එහි ගිණුමකින් ලබාගෙන වෙනත් පාර්ශවයක ගිණුමකට මාරු කිරීමට සූදානම් වූ බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිළිබඳව වෙනත් ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට කළ ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශ ආයතන සමඟ කටයුතු කිරීම නිසා ඇමෙරිකානු ඩොලර්වලින් ගිණුම් පවත්වාගෙන යන බවත් එය එසේ වුවද එහි දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් වලින් මුදල් ගෙවීම් කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිණුම්වලින් මුදල් ලබා ගැනීම සාමාන්‍යයෙන් කරන කටයුත්තක් බවත් මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනත් කිසිදු හේතුවක් මත මුදල් ලබා ගැනීමේ උත්සාහයක් නොකළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩේ ඇමරිකන් ඩොලර් මිලියන 2ක් දෛනික වියදම් වලට ඔනෙ වෙන ලන්කවෙ තියෙන ස්පොර්ට්ස් ඔෆිස් එකක් ගැන ඇහුවමයි.. මොන බොරුව හරි හරියට කරන්නවත් දන්නෙ නැති හිගන්නො.
සේවාදායකයාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බැංකුවට එරෙහිව පියවර ගැනීම අවශ්යයි. සේවාදායකයා කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොවේ
මල්ලිලා සූටි ගේමක් දෙන්න හදන්න ඇති. මේක මොන ගේමක්ද , දීලා තියෙන ඒවත් එක්ක සැසඳුවාම කියලා හිතෙන්න ඇති.
ක්‍රීඩා ඇමැතිගෙන් වැඩක් නැහැ. තමුන්ලා ලෝක හොරු බව අපි දන්නවා. ගහලා එළවන්නත් බැරි හේතු තියෙනවානේ...!
තණකොළ නැහැ... ගහ මුදුනේ. ඒකය් බිමට බහින්නේ...
ඒකනේ... ලංකාවේ පුන්නක්කු, පැදුරු කන හරක්ට ඕක තේරෙනවද?
දැන් මේ පාර්ලිමේන්තු අනුමත යෝජනාවට එරෙහිව අභියාචනයක් කරන්න රුපියල් ලක්ෂ කීයක් විතර යාවිද? ඒ රාජකාරිවලට නොව මේ සල්ලි ගත්තේ. මේ කෂ්ටියට නීති කටයුතු ගැනවත් දැනීමක් නැහැ...!
අමුතුවෙන් ප්‍රතිරූප මවන්න ඕනේ නැහැ අපි ඔහෙලාගේ නියම රූපය දන්නවා. පොඩි අතුරු ප්‍රශ්නයක් තිබෙනවා. ලංකා කණ්ඩායම පුහුණුවන්නේ ලංකාවේද? එසේ නම් ඔවුන් පුහුණු කරන ස්වදේශික පුහුණුකරුවන්ට ඩොලර්වලින් වැටුප් ගෙවන්නේ ඇයි...? ඔවුන් බදුවලින් නිදහස් කිරීමටද? ස්වදේශික පුහුණු කරුවෙකුට ඩොලර් 20000 වැටුපක් ගෙවන බව ඊයේ පාර්ලිමේන්තුවේ කියැවුණා...!
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන කථාව මතක් වෙනවා.