
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් කර තිබූ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා සේම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අල්ලස දූෂණ වංචාවට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් විමර්ශන කරන විට සමහර අයට රිදෙනවා.තමන්ට රිදෙන කොට අති දක්ෂ විමර්ශන නිලධාරීන්ට පහර ගහනවා. පොලිස් දෙපාර්තමේන්තුව මොන තත්ත්වෙකට ඇදලා දාලා තිබුණාද කියා මේ රටේ ජනතාව දන්නවා.අප පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් නිදහස් කර තිබෙනවා.පොලිසියේ මාරුවීම් ආදී සියල්ල වන්නේ පොලිස් කොමිසම හරහායි.පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ කාර්ය සාධනය මතයි.පොලිස් දෙපාර්තමේන්තුව දැන් දක්ෂ ලෙස සක්‍රීයව කටයුතු කරනවා.මිලියන 624 ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පසුගිය අයවැයෙන් වෙන් වී තිබුණා.එයින් මිලියන 480ක් මේ වන විට වියදම් කර තියෙනවා.අපි ගත්ත මුදල් පූර්ණ උපයෝජනයෙන් යොදවා තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මරු කියවනවා කියලයි පේන්නේ. ඕන පචයක් කියව කියවා ඉන්න, රැල්ල හැරිලා ඉවරයි.
දවසේ ගානේ මෙහෙම හිනස්සවන්න එපා මනුස්සයෝ...
කයිතන්ලා රට තවත් අගාධයකට ඇදගෙන යනගමන්. 294 ට තිබුණු රුපියල 309 යි.
මොවුන් දැන් කතා කරන්නේ මොලය උඩ වාඩි වෙලා.. හොඳට තිබුණු රට බංකොළොත් කළා කිව්වොත් නිවැරැදියි.
විජේපාල ඇමති ඇතුලු සමස්ත ආණ්ඩුවම අමු ෆේල්ය. දුවන්නේ කයිවාරුවෙන්ය. අ. මොනරවිල පන්නයේ වොෂින් යන්ත්‍රවලට හැර සාමාන්‍ය මැදිහත් මිනිස්සු හැමෝටම දැන් ඒ වග පසක් වී හමාරයි..
බංකොලොත් වුණු වෙලේ පැනලා දුවලා, දැන් ලැජ්ජාවක් නැතුව මේ විදියට කියන්න පුළුවන් මොංගල් අයට විතරයි. රට යථා තත්වයට ගෙනාවේ රනිල් මහත්තයා, ඒ ගැන කියවන්නේත් නැහැ . ඒක තමයි මහත්මා ගතිගුණ... කයිවාරු ගහන්නේ මහ නොසන්ඩාල අය...
නුඹලා කොහේද බංකොළොත් රට හැදුවේ... පිස්සුද?
මේ අයට පිස්සු...
පච කියන්න එපා ඔබලා බලයට ආවේ 2022 නොවේ 2024 සැප්තැම්බර් මාසේ ඒ වෙන කොට, තෙල් ගෑස් පෝලිම් තිබුනේ නැහැ , විදුලිය කැපුවෙත් නැහැ , අපිට දේශපාලන විවේචන තිබුනත් ආර්ථික අගාධයෙන් රට ගොඩ ගත්තේ IMF සමග කජු සීයා, ඉන්දියාවත් වෙනත් රටවලුත් උදවු කළා , ඔබලා තවම යන්නේ කජු සීයා සහ IMF හදපු සැලැස්මේ...
අමු කැවිලද?
පච කොටාටම ගැලපෙන බඩුව . තරහෙන් පුපුර පුපුරා තමයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මේ පඹයා
හැදුවා අහවල් එක
අපි වේලාසනම කිව්වා මේ එන්නේ පිස්සෝ ටිකක් කියලා. කෝ ඇහුවේ නෑ නේ...? දැන් පිස්සන්ගේ පිස්සු කතා අහ අහ පිස්සු වැඩ බල බලා විඳවන්න වෙලා මුළු ජාතියටම...
අම්මට සිරි, විජේබාලන්, තඹුත්තේගමයා එක්ක එකතුවෙලා, අයි.එම්.එෆ්.ගිහින්, පෝලිම් නැති කරලා, මිනිස්සුන්ට අස්වැසුම දීලා, සංචාරක ව්‍යාපාරය කෙලින් කරලා, රුපියල ස්ථාවර කරලා රට ගොඩ දාලා දීලා තියෙන්නේ හරියට මහන්සි වෙලා. රනිල් මොන පඟර නැට්ටෙක් ද, මූං නේ පොරවල්. අනේ ද කියන්නේ. හැබැයි 2015 දී අර අල්ලස් දූෂන චෝදනා හොයන්න බාරදීපුවාම එයින් එක ෆයිල් එකක්වත් කරගන්න බැරිවුණා. ආනේ මේ, ආනන් ද විජේබාලන්. සද්දේ තරමට වැඩ බෑ. සමන්ත...