IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි.

‘ඕබිටර්’ නවකතාවට පාදක වන්නේ, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින පිරිමි ගගනගාමීන් දෙදෙනකු සහ කාන්තා ගගනගාමීන් සිවු දෙනකු මුහුණ දෙන අත්දැකීම්ය. සමන්තා හාර්වි, ජනප්‍රිය ලේඛිකාවකි. ඇගේ නිර්මාණ මීට පෙර ද සාහිත්‍ය සම්මාන උළෙලවලදී ඇගයීම ලක්වී ඇත.

සමන්තා හාර්වි, ‘ඕබිටර්’ නවකතාව ඉතාමත් අලංකාර ලෙස රචනා කර ඇති බවත්, එය ඇගැයීමට ලක් කිරීමක් ලෙස මෙම වසරේ සමන්තාට බුකර් සම්මානය පිරිනැමීමට තීරණය කළ බවත් බුකර් විනිසුරු මඩුල්ලේ ප්‍රධාන විනිසුරු එඩ්මොන්ඩ් දේ වාල් පැහැදිලි කර ඇත. 49 හැවිරිදි සමන්තා හාර්විට, ඩොලර් 64,000 ක ත්‍යාග මුදලක් හිමිවිය.

‘ඕබිටර්’ නවකතාව පිටු 136 කින් සමන්විතය. අඩු පිටු ගණනකින් යුත් නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, අභ්‍යවකාශයේ සිදුවීම් පෙළක් සහිත නවකතාවක් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 



අදහස් (0)

බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site