
(නිමල් ජයරත්න)
රසායනික පොහොර ඉල්ලා දින දහයක් පුරා ඇලහැර හා මොරගහකන්ද ගොවිජන ව්‍යාපාර වල ගොවි සංවිධාන 41 ඒකාබද්ධව බකමූණ නගරයට ආසන්නව සිදුකළ අඛණ්ඩ උපවාසය පොලොන්නරුව ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්කට අනුව අද අවසන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල, මින්නේරිය ඇලහැර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අත්තනකඩවල ප්‍රභාෂ්වර බුද්ධ ගයා මහා විහාරයේ විහාර විහාරාධිපති කලත්තෑවේ පඤ්ඤානන්ද, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර යන නාහිමිවරු ඇතුළු පොළොන්නරුවේ තෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම්කට අනුව මෙම අඛණ්ඩ උපවාසය තාවකාලිකව අවසන් කළ බව උපවාසයේ නිරත ගොවි නියෝජිතයෝ සඳහන් කළහ.
මෙහිදී අනුශාසනාවක් සිදු කරමින් කදුරුවෙල නායක ස්වාමීන් වහන්සේ මෙසේ සඳහන් කළහ.
දින දහයක් පුරා අඛණ්ඩව සිදුකළ මෙම උපවාසය නිරත ගොවීන්ට රජයේ කිසිදු බලධාරියකු ඇහුම්කන් නොදීමත් ඊට කිසිදු විසඳුමක් ලබානොදිම තරයේ හෙළා දකිනවා.
මෙම ගොවීන් මඩ වැඩ කරන අතරතුර රසායනික පොහොර ලබාදීමට රජය නොකළහොත් ගොවීන් සමග පොලොන්නරුවේ සියලූ භික්ෂූන් වහන්සේලා එකතුව මීට වඩා ගොවි අරගලයක් සිදු කරනවා.
ගොවීන්ගේ සාධාරණ ඉල්ලීම්වලට අනුව මූලික බිම් සකසන කාලයේ දී හෝ රජය රසායනික පොහොර 50% කෝ ලබාදීමට ක්‍රියා නොකළහොත් ගොවීන්ගේ ඉල්ලීම් ඉටු වනතුරු දීප ව්‍යාප්ත ගොවි අරගලවල නිරත වන බවද ධම්මපාල නාහිමියෝ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනදී මහා සංඝරත්නය ද ප්රශ්නය නිවැරදි ව තෙරුම් ගත් වගක් නොපෙනේ.
ඔය උපවාස ගැන හරියටම දැනගන්න අවශ්‍ය නම් විමල් වීරවංශගෙන් අහන්න. දෙපාරක් උපවාසකළා කිසිම හානියක් නැහැ. අදටත් හොඳින් ඉන්නවා. මාලිගා හිමිකරුවෙක් අද...