
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ(05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ බෑන්ක් ලෝන් වලත් පොලිය අඩු වෙලාද
ආර්ථික තීරණයකට වඩා දේශපාලන තීරණයක් වගෙයි පෙනෙන්නේ.
අර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ 15% පොලියත් අඩු කළානම් ඊට වැඩිය හොඳයි අපේ බෙල්ල මිරිකලා මරා දැම්මා නම්...
බිත්තරය ටත් උපරිම සිල්ලර මිලක් නියම කරපු රටේ බෑන්ක් ලෝන් එකට උපරිම පොලියක් නියම කරන්න .ඒක ගැසට් කරන්න ,නිකන් බොරුවට වටේ යන්න එපා
මදැයි කොලා. තිබිච්ච සටන්පාඨ එකින් එක ගැලවෙනකොට ඉවසගන්න බෑ
මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ. මුලින්ම කිව්වා දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා, ඊට පස්සේ කිව්වා සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් නැහැ කියලා... ඒවා සියල්ල බොරු වුණා... රනිල් එක්ක එකතුවෙලා ලෝක බැංකුවේ වුවමනාව අනුව ගේම් එක ගහන කොන්ත්‍රාත් එකකරන ගේම් කාරයෙක් මෙයා...