IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බැංකු කළමාණකරු පාලමෙන් වැටී මරුට

(ඩී.ජී. සුගතපාල)

නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අයි.ඩී.ගාමිණි සරත් කුමාර නමැති 44 හැවිරිදි බැංකු කළමනාකාරවරයාය.

ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

 



අදහස් (6)

බැංකු කළමාණකරු පාලමෙන් වැටී මරුට

අනුරුද්ධ ලියනගේ Monday, 27 January 2025 06:59 AM

මගේ සාතිශය සංවේගය. ඒ මහතාගේ පවුලේ අයට සහ ඇල්පිටිය මහජන බැංකු ශාඛාවේ කාර්යමණ්ඩලයට සැල කරමි. අනුරුද්ධ ලියනගේ ඇල්පිටිය ශාඛාවේ 1975 සිට 1978 දක්වා හිටපු කළමනාකරු

:       1       9

බක්මී්ගොල්ල Monday, 27 January 2025 08:16 AM

තාක්ෂණය කොච්චර දියුණු වුණත් වතුරකට වහනයක් වැටුනොත් ඉවරයි.ඒකට විසඳුමක් නෑ තවම. ඔබතුමාට නිවන්සුව පතමු.!

:       0       5

Bunny Preena Monday, 27 January 2025 09:16 AM

නිදිමතේ වාහනය එලෙව්වාද ? එහෙමත් නැතිනම් හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනතුර සිදු වුණාද? බොහෝම කණගාටුදායක මරණයකි.

:       0       4

Nuwan Monday, 27 January 2025 10:16 AM

කරපු සුනඛ වැඩවල හැටියට ඔහොම නොවුන නම් තමයි පුදුම.

:       10       0

පුරවැසියා Monday, 27 January 2025 01:27 PM

මොකද නුවන්, රාජ්‍ය දේපළ මංකොල්ල කාලාද? ඔච්චර ශාප කරන්නේ

:       0       6

Sudath Rohan Monday, 27 January 2025 01:50 PM

රූපංජීරති මච්චානං නාම ගොත්තන් නජීරති... අප අතරින් හදිසියේ වියෝවූ අයි.ඩී.ජී.එස් කුමාර මහත්මාට නිර්වාණ ශාන්තියම උදාවේවා...! එතුමන්ගේ හදිසි අභාවයෙන් සංවේගයටපත් පවුලේ ඥාති සහ හිතමිතුරන් හට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site