
(විමුක්ති එස් රුද්‍රිගු)
බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කළේය
මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත් දැකීමක් පිරිනමන බවද බී.බී.සී නාලිකාව පැවැසුවේය. එසේම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී නාලිකාව ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇත. අවසන් ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටත් හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බී.බී.සී නාලිකාව වාර්තා කළ එම ලැයිස්තුවේ පළමුවන ස්ථානය දරණ ඩොමිනිකාවට සාපේක්ෂව අප රටේ ආකර්ෂණික අංශ බොහෝයි. එමෙන්ම ලොව ප්‍රධාන විනිමය ඒකකයන්ට සාපේක්ෂව අපගේ රුපියලේ අගය ඉතා අඩුයි. එබැවින් විදේශ සංචාරකයින්ට ශ්‍රී ලංකාව ඉතාමත් වාසිදායක ගමනාන්තයකි. නමුත්, ඉහළ වටිනාකමක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපගේ සංචාරක මණ්ඩලය කටයුතු කළ යුතුයි. එය කිරීමට නම්, අප රටට සුවිශේෂී මෙන්ම වැදගත් අංශ කවරේ දැයි අධ්‍යයනය කර, ඒවා අත්විඳීමට කැමැති සංචාරකයින්ට ඉහළ මුදලක් ගෙවා එම අවස්ථාව ලබා ගැනීමටත් ඒ තුළින් එම ස්ථාන, සම්පත් සහ ජීවන ක්‍රම සුරැකීමට දායකවීමටත් අවස්ථාව සලසා දිය හැකියි. ඩොමිනිකාවේ මුහුදු සීමාවෙහි ගැවෙසන තල්මසුන් විශේෂයක් සමඟ පිහිනීමට වරකට සංචාරකයින් කිහිප දෙනෙකුට සීමා කර, ආරම්භ කර ඇති එවැනි ක්‍රමයක් ඉතා ජනප්‍රිය වී ඇති බව බී.බී.සී වාර්තාවේ දැක්වේ. එමඟින් උපයන ආදායම වැඩිදුර පර්යේෂණ පැවැත්වීමටත්, පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් තුළින් රැකියා ජනනය කිරීමටත් යොදා ගැනේ...
ලංකාව නම් හොඳයි... මිනිස්සු තමයි අජූත...
ලංකාව ආකර්ශනීය වීමට හේතුවක් හැටියට සලකන සංස්කෘතිය ගුරුවරුන් හරහා විනාශ කරන්න සිංහලයෙක් නොවෙන... ඒත් ශ්‍රී ලාංකිකයෙක් වන තට්ටයා කටයුතු කරමින් බෙරිහන් දෙනවා පේනවා. ඔහු ප්‍රවර්ධනයට කාන්තාවන් කොටසක් උත්සාහ කරනවා. එය සාර්ථක වුණොත් සංචාරක ආකර්ශනය නැතිවෙන්නත් පුළුවන්..
වැසිකිළි බරක් ආවොත් කරන්න වෙන්නේ කැලේට ගිහින් හුඟාක් තැන්වල...
ලංකාවේ හොඳ තත්වයේ මාර්ග තිබුණාට පොදු ප්‍රවාහනය අවුල්, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් මදි, සංචාරක මරමස්ථානවල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉතා ඉහළයි. යල් පැනගිය සුරාබදු නීති රීති ඇතුළු වෙනත් නීති නිසා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙනවා. මේවාට සරල බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට පෙර පැවති රජයන් අසමත්වීම නිසා රජයට ලැබිය යුතු විශාල බදු සහ බලපත්‍ර ගාස්තු මුදල් සියල්ල යන්නේ, අල්ලස් ගන්න දූෂිත නිලධාරීන්ගේ සාක්කු වලට, මාලිමා රජය මේ ගැන සොයාබලා සරල බලපත්‍ර ක්‍රමයක් සහ සාධාරණ ප්‍රවේශ පත්‍ර ගාස්තු හඳුන්වා දීම ඉතා කාලෝචිතයි..
ලංකාවේ මිනිස්සු, සංචාරකයින් රවට්ටලා සූරගෙන කනවා. ලෝකයේ ඉන්න නරකම මිනිස්සු වර්ගයක් ලංකාවේ ඉන්නේ.