( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුතෙකු කළ  පහර දීමකින් පියකු බරපතල තුවාල ලබා ආණමඩුව මූලික  රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව කොතලකෙමියාව පදිංචිව  සිව් දරු පියකු වන ඒ.එච්.එම්.ධර්මදාස නැමති 58 හැවිරිදි අයෙකී.

මෙලෙස මරණයට ලක්වු    පියාට පුතුන් සිව් දෙනෙකු සිටින බවත්  එම සිව් දෙනා අතරින් දෙවැන්නා ලෙස පැවසෙන පුත්‍රයා විසින් ඊයේ(22)  රාත්‍රී පියාට අමානුෂීක ලෙස පහර දෙමින් සිටියදී එකවර ඇද වැටි ඇති බවත් එහිදි හිස අදෙහි වැදිමේන් බරපතල තුවාල සිදුව  ඇති බව කියයි.

පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි හෙළිව ඇත්තේ මෙම ඝාතනය පිය පුතු ආරවුලකින් පසු ඇතිවු බහින් බස් විමක් දිගින් දිගට යාමත් සමග සිදුව ඇති බවයි.