
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දන්සල් පරික්ෂාවකට ගිය මහජන පරික්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පස් දෙනකු මහකුඹුක්කඩවල පොලිසිය මගීන් අද දින අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය වඩත්ත දංගස්වැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35, 45 හා 55 සිමා වල පිරිස් බව කියයි.
වෙසක් වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම බත් දන්සැල වඩත්ත දංගස්වැව මංසන්දීය ආසන්නයෙ ගම්වාසින් පිරිසක් සංවිධානය කර තිබු බව කියයි.
අදාල දන්සල පරික්ෂාව සදහා සහභාගි වු මහජන පරික්ෂකවරුන් අදාල දන්සල පරික්ෂා කර බලා එහි අඩුපාඩු සම්බන්ධයෙන් දන්සල් සංවිධායකයන්ට උපදෙස් ලබා දීමේදි එම ස්ථානයේ බිමත්ව සිටි පිරිසක් විසින් මහජන පරික්ෂකවරුන්ට බැන වදිමින් රාජකාරියට බාධා කර තිබුනී.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මහකුඹුක්කඩවල පොලිසියට පැමිනිලි කිරීමට කටයුතු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd